ශර්ලොක් හෝම්ස් කියන්නේ එදා මෙදා තුර ඉතිහාසයේ බිහිවුණු හොඳම ඒ වගේම ජනප්‍රියම රහස් පරීක්ෂක චරිතයක් කිව්වොත් ඒක බොරුවක් නෙවෙයි. භාෂා ගණනාවකට පරිවර්ථනය වුණු මේ රහස් පරීක්ෂක කතා සිංහල භාෂාවට පරිවර්ථනය වෙන්නේ ජ්‍යෙෂ්ඨ පරිවර්ථකයෙකු වුණු චන්දන මෙන්ඩිස් මහතා අතින්. තවත් පරිවර්ථන ගණනාවක් තිබුණා වුණත් ඔබ ශර්ලොක් හෝම්ස් කියවනවා නම් වඩාත් සුදුසු වෙන්නේ චන්දන මෙන්ඩිස් මහතාගේ අසංක්ෂිප්ත පරිවර්ථනය කියවීමයි.
අද මම කියන්න සූදානම් වෙන්නේ ශර්ලොක් හෝම්ස් කතා පොත ගැනනම් නෙවෙයි. චිත්‍රපට ගැන. ශර්ලොක් හෝම්ස් චිත්‍රපට ජනප්‍රිය වෙන්නේ මෑත කාලෙදි වුණත් මීට දශක ගණනාවකට කලිනුත් චිත්‍රපට හා මාලා නාටක නිර්මාණය වුණා. ජනප්‍රිය තලයේ නම රදවා ගත් නළුවන් ගණනාවක් රංගනයෙන් දායක වුණු ශර්ලොක් හෝම්ස් චිත්‍රපට අතර මෑත දී බෙනඩික් කම්බ්රබැජ් සහ රොබර්ට් ඩවුනි රඟ පෑ චිත්‍රපට වඩාත් ජනප්‍රිය වී තිබෙනවා. ඒ නිසාම ශර්ලොක් හෝම්ස් චරිතයට වඩාත් සාධාරණයක් කළ රංගන ශිල්පීන් 10 ක් පිළිබඳව ඔවුන්ගේ රංගන සාර්ථකත්වයේ අනුපිළිවෙල අනුව ඔබට කියන්නට අත තීරණය කළා.
10. Christopher Plummer
1970 සහ 1977 දී අතිශය ජනප්‍රියත්වයට පත් වුණු සිල්වර් බ්ලෙස් අභිරහස (Silver Blaze) හා Murder by Decree යන චිත්‍රපට ද්විත්වයේ ශර්ලොක් හෝම්ස් චරිතයට රංගනයෙන් දායක වුණා.09. Vasily Livanov
1979 දී Christopher Plummer ගේ චිත්‍රපට දෙකම අතිශය ජනප්‍රියව පැවති කාලයේ එංගලන්තයේ නිපදවුණු ශර්ලොක් හෝම්ස් මාලා නාටකයේ හෝම්ස්ගේ චරිතයට මොහු රංගනයෙන් දායක වුණා. එහි නම වුණේ The Adventures of Sherlock Holmes and Dr. Watson යන්නයි.08.Douglas Wilmer
1964 සිට වසර ගණනාවක් ශර්ලොක් හෝම්ස් කතා දහතුනකට රංගනයෙන් දායක වීමට මෙම රංගන ශිල්පියාට අවස්ථාව ලැබුණා.07. Michael Cane
1988 වර්ෂයේ බෙන් කිංස්ලි නිර්මාණය කරන ලද ශර්ලොක් හෝම්ස් චිත්‍රපටයේ මෙම රංගන ශිල්පියා රඟ දක්වන්නේ හාස්‍යජනක ශර්ලොක් හෝම්ස් චරිතයකටයි. මෙහි අධ්‍යක්ෂකවරයා විසින් නිර්මාණය කළ වොට්සන් ගේ චරිතය පොතෙහි සිටින වොට්සන්ට වඩා බුද්ධිමත් ඥානාන්විත පුද්ගලයෙක් වීමත් විශේෂත්වයක්.06. Barrie Stanton/Basil
The Great Mouse Detective යනුවෙන් එංගලන්තයේ නිර්මාණය වුණු ශර්ලොක් හෝම්ස් කාර්ටුන් මාලා නාටකයේ Barrie Stanton/Basil ශර්ලොක් හෝම්ස් චරිතයට හඬකවා තිබෙනවා. මෙහි අරමුණ වී ඇත්තේ දරුවන්ට හෝම්ස් ගේ චරිතය සමීප කරවීමයි. එසේම එහි ප්‍රධාන චරිතය ලෙස නම් කරන ලද කාර්ටුන් චරිතය වන මවුස් හෝම්ස් ගේ මෙන් තොප්පියක් පැළඳ සිටීමත් විශේෂත්වයක් වුණා.05. Peter Cushing
1968 දී ඩග්ලස් විල්මර් ගෙන් ශර්ලොක් හෝම්ස් චරිතය ඉල්ලා ගත් BBC ආයතනය විසින් නිර්මාණය කරන ලද ශර්ලොක් හෝම්ස් මාලා නාටකයේ හෝම්ස් චරිතයට පණපොවා තිබෙනවා.The Masks of Death 1984 වර්ෂයේ ඔහු රඟ පෑ අවසන් ශර්ලොක් හෝම්ස් මාලා නාටකයයි. විශේෂත්වය වන්නේ ඔහු පෙනුමෙන් බොහෝ දුරට කොනන් ඩොයිල් විස්තර කරන ශර්ලොක් හෝම්ස්ට සමාන වීමයි. The Hounds of the Baskervilles කතාව ඔහුගේ රංගන ජීවීතයේ පෙරලියක් ඇති කිරීමට සමත් වු අතර එය එදා මෙදාතුර ශර්ලොක් හෝම්ස් චරිතය උදෙසා කළ විශිෂ්ඨතම රංගනයයි.
04.Basil Rathbone
1939 සිට 1946 දක්වා කාලයේ ලොව ජනප්‍රියම ශර්ලොක් හෝම්ස් චරිතය බවට පත්ව තිබුණේ Basil Rathboneරඟ පෑ හෝම්ස් චරිතයයි. ඔහු එම චරිතයට සුවිශේෂි සාධාරණයක් ඉටු කරමින් මනා පෞර්ශයකින් යුතුව රංගනයේ නිරත වී තිබෙනවා. වසර ගණනාවක් රෙඩියෝ මාලා නාටකවලට හඬ නළුවෙක් ලෙස සම්බන්ධ වුණු ඔහුගේ හඬ ප්‍රේක්ෂකයා වඩාත් ඇළුම් කළ නිසා මෙම චරිතය ලොව පුරා වඩාත් ජනාදරයට පත්විය.
03.Robert Downey Jr
රොබට් ඩවුනි අප දන්නා ශර්ලොක් හෝම්ස් චරිතයට වඩා වෙනස් ආකාරයකින් සිය රංගනය ඉදිරිපත් කළ ද ඔහු වඩාත් ජනප්‍රිය වීමට හේතු වුයේ ඒ වන විටත් ඔහු රංගනයෙන් දායක වුනු අයන් මෑන් චරිතය නිසයි. හාස්‍යජනක ශර්ලොක් හෝම්ස් කෙනෙකු අප වෙත ගෙන ආ ඔහුගේ රංගනයට වඩා චිත්‍රපටය තුළ වඩාත් කැපී පෙනුනේ කඩවසම් වොට්සන් ගේ චරිතයයි. එයට හේතුව එම චරිතයට රංගනයෙන් දායක වුණේ කඩවසම් හොලිවුඩ් නළු ජූඩ් ලෝ වීමයි.02. Jeremy Brett
The Adventures of Sherlock Holmes හරහා 1984 සිට 1994 දක්වා කාලයේ මොහු හෝම්සගේ චරිතයට රංගනයෙන් දායක විය. මාලා නාටකය විකාශය වන කාලයේ දී ඔහු සාමාන්‍ය ජීවීතයෙත් ශර්ලොක් හෝම්ස් අනුකාරක විලාසිතා කිරීම නිසා වඩාත් ජනාදරයට පත්වුණා. කොටස් 41 ක් දක්වා මෙම කතාව විකාශයට පත් වුණු අතර අවාසනාවන්ත තත්ත්වය වන්නේ මෙම රංගන ශිල්පියා විශාදය හා බයිපෝලර් ඩිසෝඩර් තත්ත්වයෙන් පීඩාවිදීමයි. කෙසේ වෙතත් එය ඔහුගේ රංගනය කිසිසේත්ම බාධාවක් වුණේ නැහැ.01.Benedict Cumberbatch
උපතින්ම එංගලන්ත ජාතිකයෙක් වන මොහුගේ හෝම්ස් චරිතය කරලියට එන්නේ 2010 වසරේ සිටයි. එසේම ඔහු ශර්ලොක් හෝම්ස් රසිකයෙක් වන අතර වඩාත් හොදින් මෙම චරිතය හඳුනාගත්, කියවා තේරුම් ගත් එකම රංගන ශිල්පියා වන්නේ ද ඔහුයි. දොස්තර ජේ වොට්සන්ගේ චරිතය රඟපාන ඔහුගේ සහකයා ද තම චරිතය හොඳින් අධ්‍යනය කර තිබීම තවත් විශේෂත්වයක් වනවා.
Comments
Post a Comment