කැස්බෑවා කිව්වාම මතක් වෙන්නේ කාවද
බොහොම අහිංසක නිකන් ආච්චි අම්මා කෙනෙක් දත් නැති කටෙන් හිනාවෙනවා වගේ අහිංසක පෙනුමක් තියෙන හුරතල් යාළුවෙක් නේද? හැබැයි මේ කියන්න යන්නේ එයා ගැන නෙවෙයි. ඕන නම් ඉතින් මෙයාවත් හුරතල් කරන්න පුළුවන්. හැබැයි ලොකු ගාණකට ඇඟිලි ටික ඉන්ෂුවරන්ස් කරගෙන ඉන්න.
Alligator snapping turtle එහෙමත් නැත්නම් කිඹුලො ගිලින ඉබ්බා කියලා ජනප්රියත්වයට පත් වෙලා ඉන්න මෙයාගේ වාසස්ථානය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය. මෙයා තමයි දැනට මිරිදිය වාසස්ථාන කරගත් ලොව බරම ඉබ්බා වෙන්නෙත්.
ආහාර ගැනීමේ විශේෂත්වය
කෑම ගැනීමේ රටාව ගැන කතා කරනවා මෙයා අහුවෙන ඕන දෙයක් කනවා. හැබයි තනිවෙලා ඉන්න, රැලෙන් වෙන්වුනු එහෙමත් නැත්නම් රැලක් නැති ඕන අහිංසක අසරණ මාළුවෙක් වුණත් මෙයා කිසිම අනුකම්පාවක් නැතිව ගොඳුරු කරගන්නවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. හැබැයි පුදුම හිතෙන කතාව ඒක නෙවෙයි.
මේ යාඵවා කිබුල්ලු අල්ලනවා.
හිතාගන්න පුළුවන් නේද පොඩියට ඉදගෙන කරන හපන්කමක තරම. කිඹුලෙක් දැකපු ගමන් පීනාගෙන ගිහිල්ලා යට පැත්තෙන් බෙල්ල අල්ලගන්න පුළුවන් හැකියාව නිසා කිඹුල්ලු පහසුවෙන්ම මෙයාගේ ගොඳුරක් බවට පත්වෙනවා. දැන් තේරුම් ගන්න පුළුවන් නෙ මේ කැස්බෑවට Alligator snapping turtle කියන්නේ මොකද කියලා. ගොඳුර ආකර්ශනය කරගන්න පෙක්හැම්ගේ සංගීත අනුකරණ යොදාගැනීම විශේෂත්වයක්. ඒ වගේම මේ කැස්බෑවන් විශේෂයෙන්ම තරුණ කිඹුලන්ගේ හිස ගොඳුරු කරගෙන ජීවත් වෙන නිසා පරිස්සමෙන් හසුරවාගත යුතු අනතු-රුදායක ජීවින් කොටසක් විදියට තමයි සැලකෙන්නේ.
ශරීර ස්වභාවය
විශාල හිසක් සහ ඝණ කටුවක් සහිත මෙයාලා පාට කීපයකින් දැකගන්න පුළුවන්. තද අළු, දුඹුරු, කළු හෝ ඔලිව් කොළ පැහැයෙන් යුතු කැස්බෑවන් මේ අතර ඉන්නවා. ඒ වුණාට නිතරම ඉන්නේ ඇල්ගී වලින් වැහිලා නිසා හරියටම පාටක් හොයාගන්න බැහැ.
ජීවන විලාසය
අවුරුදු 12 දී වගේ පරිණත වුණාට පස්සේ තමන් කැමති සහකරු හෝ සහකාරිය සොයාගන්නා මේ කැස්බෑවෝ අනිත් කැස්බෑ වර්ග වගේම වෙරළේ බිත්තර දානවා. කූඩුව ටිකක් උස වතුරෙන් යට නොවෙන ඒ වගේම ආරක්ෂිත තැනක හදන්න මේ අය වගබලාගන්නේ ගංවතුරෙන් සහ සතුරන්ගෙන් ආරක්ෂා කරගන්න හිතාගෙනයි. දවස් 100 ත් 140 ත් කාලයකට පස්සේ බිත්තර පුපුරලා පැටවු එළියට එනවා. මේගොල්ලන්ට බිත්තර රැකගන්න ගොඩක්ම අමාරු වෙන්නේ කුරුල්ලන්ගෙන් සහ ක්ෂීරපායින්ගෙන්. ඒ නිසා මෙයාලට තමන්ගේ පරම්පරාව වර්ධනය කරගැනීමේ ගැටළු මතුවෙලා තියෙනවා.
මිනිස්සු මෙයාලව ඇති කරන්න කැමති වුණත් ඇති කරන්න ඒ තරම් හොඳ කට්ටියක් විදියට මෙයාලව අනුමත කරන්න බැහැ. මෙයා නිසා තාම කිසිම මිනිස් මරණයක් සිදුවෙලා නැති නිසා ඒ තරම්ම බය වෙන්න ඕන නැහැ. හැබැයි ඕන නැති සෙල්ලම් දාන්න ගිහිල්ලා ඇඟිලි කිහිපයක් නම් කඩාගෙන කාලා තියෙන බව දැනගන්න ලැබුණා. ඒ නිසා ඇති කරනවා නම් මුලින් කිව්වා වගේ කැස්බෑ අනතුරු රක්ෂණයක් ගන්න එක නම් වඩාත් හොඳයි.
Comments
Post a Comment