උගත්කම නිසා, වෘත්තිය නිසා, පෙම්වතා නිසා, ඔහුගේ වාහනේ නිසා වගේ එකි මෙකි නොකි කාරණා නිසා ඔයා ඉන්නේ අප්‍රමාණ ආඩම්බරෙන් ද. එහෙමනම් මෙන්න මේ කතාව කියවන්න.
මේ සිදුවීම වෙන්නේ බොලිවුඩයේ බිග් බි ට. එහෙමත් නැත්නම් අභිතාබ් බච්චන් මහත්මයාට. එසේ මෙසේ කාලෙක නෙවෙයි ඔහු බොලිවුඩය අතික්‍රමණය කල එකම නලුවා වෙලා හිටපු කාලේ. හදිස්සියට කඩේට යන්න පාරට බැස්සත් රසිකයෝ ඇවිල්ලා වටකරගෙන සමරුපොත් දික් කරලා අත්සන ඉල්ලන කාලෙක. ඉතින් අභිතාබ් හිතන්න ගත්තා තමන්ට වඩා නලුවෙක් මේ ලෝකේ නෑ කියලා. ඒ නිසාම එයා ටිකක් විතර ආඩම්බරෙන් හිටියේ.
දවසක් ඔහු ඇමරිකාවේ සංචාරයක් සදහා එයාර් ඉන්දියා සමාගමට අයිති ගුවන් යානයක බිස්නස් ක්ලාස් ටිකට් එකක් ගත්තා. මුලු ගමන පුරාම මේ මැදිරියේ හිටියේ අභිතාබ් සහ තවත් එක් මගියෙක් විතරයි. ඔහු හිටියේ ටයිම්ස් පත්තරේ කියවන ගමන්. අභිතාබ්ට හිතුනා ඔහු එක්ක කතා කරන්න. මොකද අභිතාබ් මෙච්චර ප්‍රසිද්ද කෙනෙක් වෙලත් තාමත් මේ මනුස්සයා එක වචනයක් වත් කතා නොකල එක ගැන අබිතාබ් හිටියේ ටිකක් අප්‍රසාදයෙන්.
"ආයුබෝවන්" අභිතාබ් ඔහුට ආචාර කලා.
ඒ වෙලාවේ තමයි අර පුද්ගලයා අභිතාබ් දිහා හොදට බැලුවේ.
"ආයුබෝවන්" ඔහු කිසිම වෙනසක් නැතිව ප්‍රතිචාර දැක්කුවා.
"ඔබ හින්දි සිනමා රසිකයෙක් නෙවෙයි වගේ" තමන්ව හරියට දැකලත් තමන්ව අදුන නොගත්ත එක ගැන නොරිස්සුමක් ඇති අබිතාබ් ඔහුගෙන් ඇහුවා.
" ඇත්තටම ඔව්. මම ව්‍යාපාර කරන නිසා ටිකක් කාර්යබහුලයි"
" එහෙමද කවදාවත් හින්දි චිත්‍රපට බලලා නැද්ද"
"ඇත්තෙන්ම මම චිත්‍රපට කිහිපයක් බලලා තියෙනවා." අමුත්තා වෙනසක් නැතිව ප්‍රතිචාර දැක්වුවා.
"ඔබ පත්තර කියවනවනේ. සිනමා නලුවන් ගැන තොරතුරු දන්නවා ඇති නේද"
" ඔව් නමුත් මම ඒ ගැන ඒ තරම් උනන්දු වෙලා නෑ" අමුත්තා පිලිතුරු දුන්නා.
මේ කතාව පැය ගානක් ගියා. ඒත් මේ අමුත්තා අභිතාබ් ව අදුනගන්න පාටක් පේන්න තිබ්බේ නෑ. අබිතාබ්ට මේක පුරුදු නෑ. ඔහුට පුරුදු ඔහු දැක්කාම කෑගහන කතා කරන්න පස්සෙන් එන රසිකයන්.
"මාව දන්නේ නැති මිනිහෙක් කොහොමද ඉන්දියාවේ ඉන්නේ. "
අබිතාබ්ගේ අන්තිම සීමාවත් පැන්නා.
" මම අබිතාබ් බච්චන්" අබිතාබ් කිව්වා.
" ආ ඇත්තද... මම රටන් ටාටා" අමුත්තා බොහොම සංසුන්ව උත්තර දුන්නා.
ඒ දශකයේ ලෝකයේ හොදම ව්‍යාපාරික ලයිස්තුවේ පළමු දහ දෙනා අතර හිටියේ රටන් ටාටා. ඒ විතරක් නෙවෙයි අබිතාබ් එදා ගමන් කල එයාර් ඉන්දියා ගුවන් සමාගම අයිතිවෙලා තිබුණෙත් රටන් ටාටා ට.
ඉතින් පස්සේ කාලෙක මේ කතාව මාධ්‍යට කියන සුපිරි නළු අබිතාබ් බච්චන් මෙහෙම කියනවා..
"ඔබ ලොකු චරිතයක් වෙන්න ඇති. හැබැයි ඔබට වඩා චරිත මේ ලෝකේ ඉන්නවා. අන්න ඒක අමතක කරන එපා.."
ඉතින් ඔබත් ඔබට තියෙන දේවල් නිසා අනිත් අය අතර වැජබෙන්න ඕන කියලා හිතනවා නම් අභිතාබ් කියලා දෙන මේ ජීවිත පාඩම ගැන මොහොතක් හිතලා බලන්න.
"ඔබට වඩා මිනිස්සු තව ලෝකයේ ඉන්නවා..හැම මිනිහටම ඔබව ලොකු නෑ. "
Comments
Post a Comment