ස්ත්‍රීවාදයයි වට්ටිඅම්මා වාදයයි පටලවාගන්න එපා............



මම අද කතා කරන්න යන්නේ  රැඩිකල් වීම කියන වචනෙත් එක්ක ලඟින්ම යන තවත් වචනයක් ගැන. ඒ තමයි ෆෙමිනිසම්. ලතින් භාෂාවෙන් ෆෙමිනියා විදියට නිර්මාණය වුණු මෙම වචනය ප්‍රංශයේ දී ෆෙමිනි වෙලා 19 සියවස අගභාගයේ ෆෙමිනිස්ට් කියන වචනය විදියට අපේ ශබ්ධකෝෂයට එනවා. ලංකාවෙදි මේ වචනය හැඳින්වෙන්නේ ස්ත්‍රිවාදය විදියටයි. අපිට ඉතින් ස්ත්‍රිවාදය කිව්වාම මතක් වෙන්නේ ඔය එක එක කාන්තා සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන සහ ජනප්‍රිය කාන්තාවන් විසින් කාලයෙන් කාලයට වේදිනාවට අරන් එන සමහර කියුම් කෙරුම් නේ. නමුත් ලංකාවේ එහෙම වුණාම ලෝක මට්ටමෙන් කතාකරන විට ස්ත්‍රිවාදය කරලියට එන්න හේතු වුණු සර්ව සාධාරණ කාරණා බොහොමයක් තියෙනවා. 

ඔබ අහලා ඇති නේ කුරුස යුද්ධය ගැන. මුස්ලිම්වරු සහ ක්‍රිස්තියානිවරු අතර ඇතිවුනු මේ යුද්ධයට කුරුස යුද්ධය කියලා කියන්නේ යුද්ධය සිදුවන මොහොතේ ක්‍රිස්තියානිවරු සිය ගෙලේ ලීවලින් සකසන ලද කුරුස ලාංඡන එල්ලාගෙන සිටි නිසයි. එතකොට කොහොමද කුරුස යුද්ධය ස්ත්‍රිවාදයට සම්බන්ධ වෙන්නේ? මේ යුද්ධයට සහභාගි වෙන්න ගියපු එංගලන්ත වංශාධිපතිවරු තමන් යුද්ධයෙන් මියගියාට පස්සේ තමන්ගේ බිරින්දෑවරු වෙනත් සැමියන් හෝ පෙම්වතුන් සොයාගනියි කියන බය නිසා වගේම, තමන් යුද්ධයේ සිටින අතර කාලයේ බිරින්දෑවරුන් වෙනත් පුරුෂයන් සමඟ ලිංගිකව හැසිරේවි කියන බිය නිසා මේ අය බිරින්දෑවරුන්ට චෙස්ටිටි බෙල්ට් එක අන්දලා ගිහින් තියෙනවා. ගූගල් අඩවියට ගිහිල්ලා නම ගහලා බැලුවොත් ඔබට මේ උපකරණය බලාගන්න පුළුවන්. 

චෙස්ටිටි බෙල්ට් එක ඇන්දුවාට ඒක ගලවන යතුර සැමියා යුද්ධෙට අරගෙන ගිය නිසා මේ කාන්තාවන්ට කවදාවත් අර ඇදුම ගලවාගන්න පුළුවන් වුණේ නැහැ. මුත්‍රා පිටකරන්න පමණක් කුඩා ඉඩක් තිබුණු නිසා තමන්ගේ යෝනි මාර්ගය නිසි පරිදි පිරිසුදු කරගන්න වුණෙත් නැහැ. එයින් ඔසප් රධිරය සහ මුත්‍රා ආශ්‍රිත විෂබීජ ශරීරගත වෙලා ආසාදන නිසා බොහෝ කාන්තාවෝ මිය ගියා. මෙන්න මේ කතාව තමයි ස්ත්‍රිවාදය සඳහා මූලික අඩිතාලම වැටෙන්න හේතුවුනේ. 

මධ්‍යතන යුගයේ මුදල් හදිසියට තමන්ගේ බිරිඳ වෙන්දේසියේ විකිණිමට ජර්මනියේ සැමියන්ට නීතිමය අවසර තිබිලා තියෙනවා. ඒ වගේම ඒ වකවානුවේම සැමියා මියගියාට පස්සේ කලු ඇඳලා මුහුණ වහගෙන, මේක් අප් නොගල්වා ජීවිත කාලයේම කනවැන්දුම් කාන්තාවක් විදියට ජීවත් වෙන්න යුරෝපා රටවල කාන්තාවන්ට සිදුවුණා. මෑතක් වනතුරුම ඉංග්‍රිසි නීතිය අනුව දික්කසාදය ලබාගැනීමත් පහසුවුණේ නැහැ. ඒ වගේම අපි කවුරුත් කතා කරන කන්‍යාභාවය පිළිබඳ කතාව එන්නෙත් යුරෝපයෙන් මිස ඉන්දියාවෙන් නෙවෙයි. ඒ නිසා යුරෝපයේ ඇතිවුණු කාන්තා හිංසනය ස්ත්‍රිවාදයට හේතු ලෙස පෙන්වා දෙන්න පුළුවන්. 

නමුත් අර රැඩිකල් කතාවෙදි වගේම ලංකාවෙදිත් ස්ත්‍රිවාදය කියන්නේ සෑහෙන්න අවභාවිත වන වචනයක්. අපේ සමාජයේ පිරිමි පාර්ශවය අතින් කාන්තාවන්ට හිරිහැර සිදුවෙන බව අපි දන්නවා. නමුත් මේ තත්ත්වය ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවල තත්ත්වයට වඩා අවමයි. අනිත් අතින් මේ රටේ දී ස්ත්‍රිවාදය කියන්නේ අවබෝධයෙන් ඇතිකරගත් මතයක් නෙවෙයි. එය මෝස්තරයක්. තමන් අනිත් අයට වඩා වෙනස්, රැඩිකල්, කියන කාරණය පෙන්වන්න තමයි බොහෝ කාන්තාවන් ස්ත්‍රිවාදීන් වෙන්නේ. එහෙම නැතිව ස්ත්‍රිවාදය ගැන නිවැරදි අදහසක් තිබිලා නෙවෙයි. 

සාමාන්‍යයෙන් ලෝකයේ අනිත් රටවලට වඩා කාන්තාවන්ට කාන්තාවන්ගෙන්ම හිරිහැර සිදුවෙන්නේ ලංකාවේ බව ඔබට අමුතුවෙන් කියන්න ඕන නැහැ. ආයතනයක ගත්විට ආයතන ප්‍රධානියා කාන්තාවක් නම් තත්ත්වය මොනතරම් සෝචනීය ද කියන කාරණය ඔබට ඔබ හොඳටම දන්නවා. විවාහ වෙලා සැමියාගේ ගෙදරට ගියාට පස්සේ ගෙදර අක්කලා ටිකක් ඉන්නවා නම්, නැන්දම්මා ඇතුලු නෑනලාගෙන් ඔබට විදින්නට සිදුවෙන අතවරයන් ගැන කියන්නත් උවමනා නැහැ. මේ අවස්ථා දෙකේදීම ඉතාම කලාතුරකින් බොහෝම හොඳ කාන්තාවන් අපිට මුණගැසෙනවා. නමුත් 90% ක්ම තත්ත්වය ඉතාම සෝචනීයයි. 

කවුරුම හරි කාන්තාවක් අනිත් කාන්තාවන්ට වඩා පිළිවෙලට අඳිනවා නම්, ලස්සනට ඉන්නවා නම්, මේ කිසිම දෙයක් නැතත් ආතල් එකේ ඉන්නවා නම් ඒ කාන්තාවට වැඩියෙන්ම චරිත සහතික ලියන්නේ අනිත් කාන්තාවෝ. එයා අවට ඉන්න වෙනත් කාන්තාවන් සමඟ එයාව තරහා කරවන්න වැඩිපුරම කේලම් කියන්නේ කාන්තාවෝ. එහෙම කේලම් කියලා නවත්තන්න බැරිම නම් මොනමහරි දහංගැටයක් ගහලා අර කාන්තාවට ආයතනයත් එපා කරවලා, රටත් එපා කරවලා, මේ ලෝකෙත් එපා කරවලා, සෞරග්‍රහ මණ්ඩලයත් එපා කරවලා, විශ්වයෙනුත් අයින්වෙලා යන තැනට වැඩ කරන්නෙත් කාන්තාවෝ මිස පිරිමි නෙවෙයි.

මේ වගේ කාන්තාවෝ වර්ග දෙකක් ඉන්නවා. එක කට්ටියක් තමයි කතාව හදන්නේ. එයාලා එක්කො කවදාවත් හරියට ආදරයක් ලබපු නැති අය, තමන්ගෙම කියලා හීන නැති අය, නිසි අධ්‍යාපනයක් හා උගත්කමක් නැති අය. මේගොල්ලෝ දන්නේ අනුන් ගැන කතා හදන්න විතරයි. ඒ ඇරෙන්න තමන්ගේ රස්සාවවත් හරියට කරන්න මේ අයට බැහැ. එයාලා කරන්නේ මොකක් හරි කතාවක් නිර්මාණය කරලා අනිත් පාර්ශවයට දෙන එක. ඒ පාර්ශවයට එහෙම කතා හදන්න බෑ. එයාලා කරන්නේ හදලා දෙන කතාවක් අරගෙන ඒකට තමන් ගාව තියෙන අඩුවැඩිය දාලා ඒවා අරගෙන දුවන එක. ඒ අයත් අර වගේම කිසිම උගත්කමක් නැති, බුද්ධියක් නැති, තමන්ගෙම පවුලෙන් කොන් වුණු අය. මේ දෙගොල්ලොම තමන්ගේ පරාජයන් සහ වේදනාවන් දරාගන්නේ නිර්දෝශි කෙනෙකුට කතා හදලා. 

මේක භින්න පෞර්ෂයත් එක්ක එන තත්ත්වයක්. මෙවැනි කාන්තාවන් කවදාවත් කිසිම කෙනෙකුගෙන් හොඳක් අහලා නෑ. එයාලට කවුරුත් ඇහුම්කන් දෙන්නේ නෑ. මේ අය යාලුවො හදාගන්නේ එයාගේ වැරදි මෙයාට කියලා මෙයාගේ වැරදි එයාට කියලා. සරලවම කියනවා නම් කොටවලා. මේ අය එයාලගෙම වැරදි වෙන අයගේ වැරදි විදියට තැන් තැන්වල කියවමින් යනවා. අරයගේ කුණු මෙතන හලනවා මෙයාගේ කුණු එතන හලනවා. ෆෝන් එකෙන-ුත් අනුන්ගේ කුනු කනවා. ජීවිතෙන් භාගයක්ම විනාස කරගන්නේ අනුන්ගේ කුණු බෙද බෙද යන්න ගිහින්.

එහෙම කරන ගමන් පිරිමි සමාජයෙන් ගෞරවයකුත් බලාපොරොත්තු වෙනවා. නමුත් එහෙම “වට්ටි අම්මා ලේබලයෙන්” එන කිසිම ගෑණියෙකුට පිරිමි ළඟ ටිකට් නෑ. 

මේ භින්න පෞර්ෂය තත්ත්වය දිගින් දිගටම තිබුණොත් එය මානසික රෝගයක් දක්වා වර්ධනය වෙන්නත් පුළුවන්. එහෙම වෙලාවට තමයි 

සමහර ලේලිලාට මියගිය නැන්දම්මා වැහෙන්නේ, මියගිය මාමා වැහිලා අණ දෙන්නේ, කතරගම දෙවියෝ වැහිලා අණ දෙන්නේ, දෙවියන් වහන්සේ නියෝග දෙන්න පටන්ගන්නේ.  

ඒ වගේම අනිත් කාන්තාවෝ පිරිස මීට වෙනස්. එයාලා ඉන්නේ මේ භින්න පෞර්ෂය තියෙන අයගේ කේලම් අහන්න. 

“මේ ඔයා දන්නවද අරයා ගැන දෙයක්” 

කිව්ව ගමන් මස් කට්ටට දුවගෙන එන බල්ලෝ දැකලා තියෙනව ද ඊට දෙවනි නෑ. ඒ ගොල්ලෝ හිතාගෙන ඉන්නේ මේ කේලම කියන්න එයාව තෝරාගත්තේ හෙන වටිනාකමක් තියෙන නිසා කියලා. තමන් එයාට සෑහෙන්න විශ්වාසයි, තමන් මාර පොරක් විදිහට තමන්ට මාර පිලිගැනීමක් තියෙනවා කියලා මේ අය හිතාගෙන ඉන්නවා. ඇත්තටම එහෙම එකක් නැහැ. එයාලටත් ඒ හැන්දම තමයි. ඒ නිසා වැඩියෙන්ම කේලම් කියන අයගෙන් පරිස්සම් වෙන්න ඕන එයාලා එක්ක එකතු වෙලා කේලම් අහන අයම තමයි.

මම දැන් ආපහු එන්නම් අපේ මාතෘකාවට. 

ඔබ ස්ත්‍රිවාදිනියක් නම් ඔබට පිරිමි සමාජයට විරුද්ධ වීමට පෙර කාන්තාවන් වෙනුවෙන් කළයුතු කාරණා බොහෝමයක් තිබෙනවා. 

පළමුව ඔබේ ශ්‍රි මුඛයෙන් පිටවන වචන සංවර කරගන්න පුරුදු වෙන්න. ඔබ මොනතරම් ස්ත්‍රිවාදිනියක් වුණත් ඔබේ මුවෙන් පිටවෙන්නේ තවත් කාන්තාවකගේ ආත්මය විනාශවෙන සුළු, තවත් කාන්තාවක් අපහසුතාවයට පත්වෙන සුළු වචනයක් නම් ඔබේ මනුෂ්‍ය ආත්මයත් වැරදීමකින් ලැබුණු දෙයක්. ඒ නිසා මුලින්ම ඔබ කාන්තාවක් ලෙස අනිත් කාන්තාවන්ට ගෞරව කරන්න ඉගෙන ගන්න. ඔබ යම් කාන්තාවක් ගැන සමාජය විසින් දැන නොගතයුතු යමක් දන්නවා නම්, එක්කෝ ඒ කාන්තාවට පිහිටක් වෙන්න, එහෙම බැරිනම් එවැනි අසරණකම් සමාජගත නොකර ඔබේ වැඩක් බලාගන්න. 

ඔබට දැනෙන අපහසුතාවයන් අනිත් කාන්තාවනටත් දැනෙන බව මතක තියාගන්න. ඔසප් වෙන්නේ ඔසප් වේදනාව දැනෙන්නේ ඔබට විතරක් නෙවෙයි, ලෙඩ වෙන්නේ බෙහෙත් ගන්න ඕන වෙන්නේ ඔබට විරක් නෙවෙයි.  අභූත චෝදනා කලාම දුක හිතෙන්නේ අපහසුතාවයට පත්වෙන්නේ ඔබ විතරක් නෙවෙයි. ඒ නිසා අනිත් කාන්තාවන් කෙරෙහි තමන්ට තමන් දක්වන සෙනෙහසම දක්වන්න පුරුදු වෙන්න. 

කෙනෙකුගේ ජීවිතය විනාශ කරලා දාන්න මුල්ම අඩිතාලම දාන එක අමාරු දෙයක් නෙවෙයි. උදාහරණයක් විදියට ආයතනයක් ඇතුලේ යම් කාන්තාවක් ඉලක්ක කරලා

“ඕකි අර අතුගාන්න ආපු එකා එක්කත් හිටියා” 

කියලා කතාවක් හැදුවොත් ඒ තනතුරට ඉහලින් ඉන්න හැම පිරිමියාම අර කාන්තාව එක්ක නිදිවදින්න පිඹුරුපත් හදනවා. ඔන්න ඊට පස්සේ 

“මේ රටේ ඉන්න පිරිමින්ට අසහනේ. මුං ගෑණියෙක්ටවත් ඉන්න දෙන්නේ නෑ” කියලා ස්ත්‍රිවාදය උස්සගෙන පිනුම් ගැහුවත් වැඩක් වෙන්නේ නැහැ. ඒක පිරිමින්ගේ වරද නෙවෙයි. 

එක වට්ටිඅම්මා කෙනෙකුගේ හැකර කටකට පුළුවන් මුළු ලෝකයක් ගිනි තියන්න. මේ කතාව ඒකට හොඳම උදාහරණයක්. 

ඒ නිසා ලංකාවට ඕන ස්ත්‍රිවාදය නෙවෙයි. අපිට ස්ත්‍රිවාදයක් ඕන නැහැ. අපි කොහොමත් මාතෘ මුලික සමාජයක් තියෙන රටක්. අපේ පවුලේ ප්‍රධානියා වෙන්නේ අම්මා. අපිම දන්න වයිෆ්ට බයේ අරක්කු ටිකක් බොන්නේ නැති පිරිමි මොනතරම් ඉන්නවද,

“ඒ මචං මං ගාව අරක්කු ගද එනවද අද ගෙදර ගිහින් ඉවරයි ගෑණි මාව මරයි” කියන අපේ ම යාළුවෝ මොනතරම් ඉන්නවද

සිගරට් එකක් බොන්න ආසවුණත් කෙල්ලට බයේ සිගරට් නොබොන කොල්ලෝ මොනතරම් ඉන්නවද

ඒ නිසා පිරිමි එක්ක විතරක් හැප්පෙන ස්ත්‍රිවාදයක් මෙහෙට ඕන නැහැ. මෙහෙට ඕන කුහක ගෑණුන්ව මට්ටු පුළුවන් ස්ත්‍රිවාදයක්.  

ඉතින් 

ඔබත් මෙන්න මේ ජාතියේ වට්ටි අම්මා කෙනෙක් නම් ඇත්තටම ඔබ මේ ලෝකයට උපත ලැබීමත් අත්වැරදීමක්. ඔබ මොනතරම් ස්ත්‍රිවාදී වුණත්, පුරුෂ මූලික සමාජය එක්ක මොනතරම් හැප්පුණත් ඔබට කාන්තාවන්ට ගෞරව කරන්න බැරිනම් ඔබේ ස්ත්‍රිවාදය රෝල් කරලා ගහගන්නවත් වටින්නේ නැහැ. ඒ නිසා මුලින්ම ඔබේ කට රැකගෙන ඉන්න. 









Comments