ජීවිතේ කවදාහරි දවසක අනිත් මිනිස්සු කියන කතාවක් නිසා, ඔබ ගැන ගොතපු කේලමක් නිසා මානසිකව වැටිලා තියෙනවා ද? හිත රිදවගෙන තියෙනවාද? තමන් නිර්දෝශි බව ඔප්පු කරන්න කල හැකි හැමදේම කරලා තියෙනවා ද?
සමාජය ඉස්සරහා, හිතවතුන් ඉස්සරහා, කාර්යාලයේ සාමාජිකයන් ඉස්සරහා ඔබේ ඉතිහාසයේ සිදුවුණු වරදක් නිසා ලැජ්ජාවට පත්වෙලා තියෙනවාද? ඒ හැඟීමේ වේදනාව දන්නේ ඔබ පමණයි. අන්න එහෙම වේදනාවට පත්වුණු ඒ නිසා වෘත්තීය පවා අත්හැරලා දාපු ඔබ වෙනුවෙන් මම හරි අපුරු කතාවක් කියන්නම්.
ඔබ දන්නවා ඉන්දියාවේ සුපිරි නළු සල්මන් ඛාන්. ඔහු කාලයක් අයිශ්වර්යා රායි ගේ පෙම්වතා වෙලා හිටියා. ඒ ඇය ක්ෂෙත්රයට ආපු මුල්ම කාලේ. නමුත් ඒක සුන්දර ආදර කතාවක් නම් වුණේ නැහැ. ඔහු ප්‍රසිද්ධියේ ඇයට පහර දුන්නා. අපහාස කළා. අවසානෙදි මේ සම්බන්ධයෙන් හෙම්බත් වුණු අයිෂ්වර්යා සල්මන් ඛාන්ගෙන් ඈත් වෙන්න තීරණය කළා. එහෙම කාලෙක දී තමයි ඇයට අභිෂේක් බච්චන්ව හමුවෙන්නේ. ඉතින් ඒ දෙන්නා ආදරය කරලා විවාහ වුණා. දැන් ඇය එක්දරු මවක්.
සල්මන් කියන්නේ මොනවිදියේ චරිතයක් ද කියන එක ඔහු ගැන දන්න ඕනම කෙනෙක්ට රහසක් නෙවෙයි. සල්මන් තමන්ගේ හතුරෙක්ට ප්‍රසිද්ධියේ අපහාස කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් මේ අපහාසවලට කාලයක් තිස්සේ අයිෂ්වර්යාත් ගොඳුරු වුණා. ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවල පවා අයිෂ්වර්යා ගැන ඇහුවොත්,
“අභිෂේක් කසාද බැන්දේ මම තියාගෙන ඉදලා ඇතෑරලා දාපු ගෑණීයෙක්.”
“ඔය ගෑණී නිදාගත්තේ මාත් එක්ක”
කියලා අපහාස කළා.
නමුත් ඔබ දැකලා තියෙනවා ද අභිෂේක් කවදාවත් ඒවට උත්තර දීලා තියෙනවා. අඩුම තරමේ සල්මන් ඛාන් එක්ක රණ්ඩු කරනවා වත් දැකලා තියෙනවා ද? නෑ. අදටත් අභිෂේක් ඒ සම්බන්ධව ඉන්නේ නිහඬ පිළිවෙතක.
සල්මන් ඛාන් කියන්නේ නිසි අධ්‍යාපන මට්ටමක් හෝ සමාජ මට්ටමක් නැති පුද්ගලයෙක්. මොකද්දෝ වාසනාවකට ජනප්‍රිය වුණත්, බොලිවුඩයේ තැනක් හදාගෙන හිටියත් ඔහු කිසිම වැදගත්කමක් නැති වාචාල කටක් තියෙන නිකන්ම නිකන් මනුස්සයෙක්. බොලිවුඩයට අලුතෙන් එන හැම නිළියෙක් එක්කම පටලැවිල්ලක් හදාගන්න උත්සහ කරන ඔහු කාලයක් කත්රිනා කයිෆ් සමඟත් සමීප ආශ්‍රයක් තියෙන බවට රාවයක් පැතිරුණා.
ඉතින් බොලිවුඩය අතික්‍රමණය කළ බිග් බී ගේ එහෙමත් නැත්නම් අභිතාබ් බච්චන්ගේ පුතාට එහෙම මිනිහෙක් එක්ක මොනවා ගැන තර්ක කරන්නද? පවුල් පරිසරයෙන්ම අභිෂේක්ට උරුම වුණු වැදගත්කම හා ඔහු ලබා තිබෙන උසස් අධ්‍යාපනය එක්ක බැලුවාම සල්මන් ඛාන් කියන්නේ නිකමෙක් විතරයි. එහෙම නිකමෙක් එක්ක ක්ලාස් එකක් මේන්ටේන් කරන මිනිහෙකුට කතා කරන්න දෙයක් නැහැ.
අභිෂේක් නිහඬව ඉන්නේ ඒ නිසා. පංතියක් නැති මිනිහෙක් එක්ක ගෑණියෙක් එක්ක කියවගන්න ගිහින් තමන්ගේ තත්ත්වය නැති කරගන්නේ මොකට ද?
අන්න ඒක තමයි අභිෂේක් ගෙන් ඔබට ගන්න තියෙන ආදර්ශය. තමන්ට නොතරම් මිනිස්සු කරන කියන දේවල්වලට සුළුවෙන්වත් කලබල වෙන්න එපා. ඔබේ පාඩුවේ ඔබේ ගමන යන්න.
වතාවක් එක්තරා රූපවාහිණි නාලිකාවකදී අභිෂේක් තමන්ගේ බිරිඳ අයිෂ්වර්යා රායි ගැන කියපු අපූරු කතාවකින් මේ ලිපිය අවසන් කරන්නම්.
නිවේදිකාව ඔහුගෙන් අහනවා ඔබේ විවාහ ජීවිතය ගැන ඔබ තෘප්තිමත් ද කියලා. ඔහු පිළිතුරු දෙනවා මෙහෙම.
“ලෝකේ ලස්සනම කාන්තාව නිදාගන්නේ මගේ ඇඳේ. ඒ වාසනාව ලැබුණු එකම පිරිමියා මම. ඉතින් මම තෘප්තිමත් නැතිවෙන්නේ කොහොමද?”
Comments
Post a Comment