සිංහල ජන නාට්‍ය සාහිත්‍යයේ නාඩගම් සලකුණ


 නාඩගම් කියන්නෙ මේ දවස්වල ජනප්‍රියම වචනයක්.  ඉතින් පින්ක් ගර්ල්ස්ලගේ දැනුම වර්ධනය කරගන්නත් එක්ක මේ කියන්න හදන්නේ නාඩගම් ගැනයි. 

නාඩගම් කියලා අපි ජනවහරේ හදුන්වන්නේ ගැමි නාට්‍ය විශේෂයක්. මේ නාට්‍ය කලාව වඩාත් ජනප්‍රිය වෙන්නේ බටහිර මුහුදුබඩ පළාත්වල. උතුරෙන් හලාවත වගේම දකුණු පලාතේ වැලිගම ප්‍රදේශයෙත් නාඩගම් කලාව හුගක් ජනප්‍රියයි. මාතර තංගල්ල පැත්තට වෙන්නත් නාඩගම් නාට්‍ය කලාව ජනප්‍රිය වුණත් රට මැදට නම් ව්‍යාප්ත වුණු බවක් පේන්න නැහැ. මේ නාට්‍ය කලාව සම්පූර්ණයෙන්ම දෘශ්‍ය නාට්‍යකලා සම්ප්‍රදායට අයිතියි. ඒ වගේම සාමන්‍ය නාට්‍යවල වගේ දෙබස් වෙනුවට මේවායේ භාවිත වෙන්නේ ගීත. ඒ නිසාම මේවා බටහිර ඔපෙරා කලාවට වගේම පීකිං ගීත කලාවටත් සමාන කරන්න පුලුවන්. ඒ වගේම නාඩගම්වලට එයටම ආවේණික රංග ශෛලියක් තිබෙනවා. ඒවා කෝළම්, සොකරි, ආදියෙන් වෙනස් වෙලා නාට්‍ය රසය ජනනය කරමින් අවස්ථාවන් හා නාට්‍ය රසයන් ඉදිරිපත් කරන්නේ ඒ විදියට. 

නමුත් මේ නාට්‍ය කලාව ඔපෙරාවලට වඩා වඩාත් කිට්ටු වෙන්නේ චීන නාට්‍ය කලාවට. බටහිර ඔපෙරා කලාවේ නාට්‍ය රසය සම්පූර්ණයෙන්ම සංගීතයෙන් ප්‍රකාශ වුණත් සිංහල නාඩගම සංගීතය යොදාගත්තා වුණත් නාට්‍ය ධර්මී ආංගික හා සාත්වික අභිනයන් ද යොදාගන්නවා. 

නාඩගම් සාහිත්‍ය 

පිලිප්පු සිංඥෝ නමින් හදුන්වන පුද්ගලයෙක් පැරණිම ග්‍රන්ථාරූඩ නාඩගම් රචනා කලා කියලා දැනගන්න ලැබුණත් ඒ පුද්ගලයා ගැන වැඩි තොරතුරක් දැනගන්න ලැබෙන්නේ නැහැ. තාමත් අප අතරේ තියෙන නාඩගම් පොත් කිහිපයකම කතුවරයා විදියට සැලකෙන පිලිප්පු සිංඥෝ කොළඹ ප්‍රදේශයේ ජීවත් වුණු කම්මල්කාරයෙක් බවත් මුලින් දෙමළ බසින් තිබුණු නාඩගම් පොත් සිංහල භාශාවට පරිවර්ථනය කලා කියලත් සදහන් වෙනවා. ඒ වගේම ඔහු 1870 වසරේ ඉපදුනු බව දැන තහවුරු වෙලා තියෙනවා. 

පැරණිම මුද්‍රිත නාඩගම් පෙළ ස්ථාක්ති නාඩගම් කියලා පිළිගන්නවා. දෙමළ නාට්‍යවල සිංහල අනුවාදයක් බව ප්‍රාරම්භ කවියෙක් කියවෙනවා. බැලසත්ත නාඩගම කියන්නේ ප්‍රංකර දේශයේ පෙපැයින් නම් රජුගේ සහෝදරියක් වන බැලසත්ත කුමරිය ගැන කතාව ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙනවා. බ්‍රම්පෝර්ඩ් නාඩගමේ එන්නේ වොලිලන්ඩ් නම් සිටු පුත්‍රයාගේ කතා පුවත. සෙලෙස්තිනා නාඩගමේ කතාවත් අයිති වෙන්නේ විදේශීය රටකට. කතෝලික නොවන නාඩගම් විදියට දිනතර නාඩගම හා කාපීරි නාඩගම විදියට සැලකෙනවා. 

නාඩගමේ රංග ශෛලිය

අනෙක් ගැමි නාට්‍ය වගේම නාඩගම් රග දැක්වීම කරන්නෙත් රාත්‍රි කාලයට. එක් නාඩගමක් පිට පිටම දවස් හතක් රගපාන සිරිතක් තිබුණා. සෑම රාත්‍රියකම පූර්ව රංගනයෙන් ඒ කියන්නේ බහු භූතයා, සෙල්ලම් ළමා, බෙරකාරයා ආදී ස්ථාවර පාත්‍රයන් ඉදිරිපත් කරන ලද ස්ථානයේ ඉදලා රගපානවා. මේ ස්ථානයට කියන්නේ කරලිය කියලා. එතන පස් ගොඩගහලා සාමාන්‍ය භූමියට වඩා උසින් හදපු තැනක්. කරලිය පිටතට නෙරා එන විදියට සකස් කරලා ඊට යාබදින් කුඩා පොල අතු මඩුවක් සකස් කරනවා. මේ මඩුවත් වෙන් කිරීමට සිතුවම් කරන තිර දෙකක් එල්ලනවා. ප්‍රේක්ශකාගාරය වෙන්නේ ඉදිරිපස භූමිය. පොතේ ගුරුන්නාන්සේ ඉදිරියෙන්ම ඉන්න අතර අනෙක් පස වාදකයෝ වගේම ගායකයෝ ඉන්නවා. බෙර වාදකයන් දෙදෙනෙක්, හොරණෑකරුවෙක්, කයිතාලම් ගසන්නෙක්, වාදක කණ්ඩායමක් මේ කාණ්ඩයට අයිති වෙනවා. නාඩගම් සදහා භාවිතා කරන බෙර මත්තාලම්, එනම් මද්දලය නැත්නම් දෙමළ බෙරය කියලා හදුන්වනවා. 

මේ සියල්ලෙන් ඇරඹී නාඩගම් කලාව සිංහල ජන සම්ප්‍රධායේ තවත් එක් සාහිත්‍යමය කඩඉමක් ලෙස හදුන්වනවා. 

Comments

Post a Comment