ජසයා සහ ලෙන්චිනා කරලියට ගෙන එන කෝලම් සම්ප්‍රධාය




කෝලම් නාට්‍ය සම්ප්‍රදාය පිලිබදව කතා කරද්දි එහි ඉතිහාසය හොයාගෙන අපිට මහා සම්මත රජ්ජුරුවන්ගේ කාලෙට යන්න සිදුවෙනවා. රජතුමාගේ බිසවට නැටුම් දැකීමට ඇති වූ දොලදුකක් සංසිදවීම සදහා කල ක්‍රියාදාමයක ප්‍රථිලයක් විදියට අපිට කෝලම් නාට්‍ය සම්ප්‍රදාය උරුම වුණා. බිසවගේ මේ දොලදුක සංසිදුවීමට රටේ සිටින සියලු ප්‍රකට නැටුම් කරුවන්, ඉන්ද්‍රජාලිකයන් ගෙන්වුවත් ඔවුන් කල එම කිසිදු රගදැක්වීමකින් ඇය තෘප්තියට පත්වුණේ නැහැ. ඒ නිසා රජු හිටියේ දැඩි කනස්සල්ලෙන්. මේ වෙලාවේ රජුට අනුකම්පා කරලා උපකාරයක් කරන්න හිතපු ශක්‍ර දෙවියෝ කෝලම් මුහුණු කිහිපයක් රජුගේ උයනේ තැබුවා. පසුදින උදෑසන මේ මුහුණු දුටු රජතුමා ඒවා මාලිගාවෙ සිටින මිනිසුන්ට අන්දවා බිසව ඉදිරියේ කෝලම් කිරීමට සැලැස්සුවා. මේ විකාර දුටු බිසව සිනාසුනු නිසාවෙන් දොලදුක සංසිදුණු බැවින් මෙම සිදුවීම කෝලම්වල උපත ලෙස විශ්වාස කරන්න පුලුවන්. 


මෙරට අධිරාජ්‍යවාදීන්ට යටත් වූ පසු සමාජය නොයෙකුත් විපර්‍යාසවලට ලක්වුණු නිසා අලුත් සමාජ ක්‍රමය තුළ සංස්කෘතික, සිරිත් විරිත්, වෙනස් වීමක් ද සිදුවුණා. මේ කාලයේ අධිරාජ්‍යවාදීන්ගෙන් තාන්න මාන්න ලබාගත් උදවිය සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීමත් සුලභව දැකිය හැකි කාරණයක්. මේවාට එරෙහිව ජනතාවට කල හැකි කිසිවක් නැති නිසා ඔවුන් මෙම තනතුරුධාරීන් විවේචනය කරමින් නොයෙකුත් රංගනයන් සිදුකලා. එහි ප්‍රථිපලයක් ලෙස කෝලම් බිහිවූ බව ද කියවෙනවා. 



වෙස්මුහුණු පැළදීම 

කෝලම් නාට්‍යවල තියෙන විශේෂත්වය තමයි වෙස් මුහුණු පැළදීම. වෙස්මුහුණු කලාව යොදාගන්නේ කෝලම් නාට්‍ය සදහා පමණයි. ඒ ඒ චරිතයට අනුව වෙස්මුහුණු නිර්මාණය සිදුවුණා. මුල් කාලේ වෙස් මුහුණු කැපුවේ කදුරු ලීයෙන් නෙවෙයි. ඒ සදහා යොදාගත්තේ ගංගා ආශ්‍රිතව තියෙන ගිම්පොල් ශාකය. නමුත් සැහැල්ලුබව, කැටයම් කැපීමේ පහසුවහා කල්තබා ගැනීම සදහා කදුරුලීය හොද බව තේරුම් ගත් නිසා සෑම මුහුණක්ම කදුරු ලීයෙන් නිමවුණා.



සිංහල වෙස්මුහුණු කලාව

මෙරට වෙස්මුහුණු කලාව පිළිබදව කතා කරන විට දකුණු පළාත ජනප්‍රිය වුණත් අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා තිබෙන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයයි. කෝලම් සම්ප්‍රදාය අම්බලන්ගොඩ ට පැමිණියෙ කවදාදැයි කිවනොහැකි වුණත් කෝලම් වෙස්මුහුණු කලාව වසර 250ක් පමණ අතීතයට දිව යනවා. මහාචාර්ය එම්.එච්.ගුණතිලක මහතා ඒ බව සනාථ කරනවා. මුල් අවධියේ අම්බලන්ගොඩ ටුක්කාවඩු පරම්පරාව මූලික කරගත් කෝලම් ගුරුකුළය පසුව දෙකොටසකට කැඩී මහ අම්බලන්ගොඩ ගුරුකුලය ටුක්කාවඩු පරම්පරාව ද හිරේවත්තේ ගුරුකුළය ජුවන්වඩු පරම්පරාවද පවත්වාගෙන ගිය බව සදහන් වෙනවා. 

කෝලම් නැටුම්වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දැකගන්න් පුලුවන්. අම්බලන්ගොඩ ටුක්කාවඩු පරම්පරාවට අනුව මුලින් සබයට එන්නෙ සභාපති කවි චරිතයයි. සබේ විදාන හා සබාපති පමණක් වෙස්මුහුණු පලදින්නේ නැත. සභාපති නික්ම ගියපසු පිළිවෙලින් ලියනාරච්චි, අණබෙර, නොංචි, පොලිස්, හේවා ජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා, කාපීරි, රජ කට්ටුව පැමිණේ. ඉක්බිති රජ හා බිසව පැමිණෙන අතර අනතුරුව නාග, මරුකව, ගුරුළු, යන රාක්ශ නැටුම් රගදැක්වෙනවා. එයින් පසු රගදැක්වෙන්නේ තෝරාගත් කතා පුවතකි. ජාතක කතාවක් හෝ අපේ වීරකතා පුවතක් ඒ සදහා තෝරාගනියි. සද කිදුරු, මනමේ, ගෝටයිම්බර, ජයසේන සටන ජාතක කතාවක් හෝ වීර කතා පුවතක් තෝරාගැනීම සුලභය. 




කෝලමක දැකිය හැකි ප්‍රධාන අංග


චරිතයට සුදුසු වෙස් මුහුණක් හා නියමිත වස්ත්‍රයක් තිබීම.

වේදිකාවට පිවිසීමට පෙර චරිතය කවියෙන් හඳුන්වා දීම.

බෙර පදය සමගින් කෝළම රඟමඩලට පිවිසීම.

දෙබස් වලින් චරිතය විදහා පෑම.

සාමාජයීය දුර්වලතා උපහාසයට ලක් කිරීම.

චරිත එකට ගලපමින් කථාවක් ඉදිරිපත් කිරීම.

කෝළම් මුහුණු

කෝළම් මුහුණු චරිත, රාජ සභා, රාක්ෂ මුහුණු ලෙස කොටස් තුනකට බෙදිය හැකි වේ.

තත්කාලීන චරිත - නොංචි, ජසයා, ලෙන්චිනා, ආරච්චි, හේවා, පොලිස් වැනි.

රාජ සභා - නළු කීර්ති, මනමේ බිසව වැනි.

රාක්ෂ මුහුණු - නාග රාක්ෂ, ගුරුළු රාක්ෂ, කව  රාක්ෂ , මරු රාක්ෂ වැනි 


තානායම්පල

කෝළම් ඉදිරිපත් කරන එළිමහන් රංග භූමිය තානායම්පල ලෙස හැඳින්වේ. තානායම්පල හා රඟ දෙන නළුවන් ඇඳ පැළැඳ ගන්නා ස්ථානය/මඩුව වෙන් කරමින් පුවක් අතු, ගොක් අතු ආදියෙන් සැකසූ වෙස් අත්ත දැකගත හැක.

කෝලම් රංග භූමිය 'කෝලම් සබය' ලෙසද හැදින්වේ.

කෝලම් චරිත විස්තරය

 සභාපති

සභාපති  නැටුම  කෝලම්  වලට අලුතින් එකතු වූ අංගයකි එනම් මෙයට අවුරුදු 150කට පමණ පෙර. මෙම අංගය  ටුක්කා වඩු පරපුරට  ආවේනික වුවකි.

 අණබෙර/පනික්කිල කෝළම

රාජ නියෝග මහ ජනයා හමුවට ගෙනගිය අණබෙරකරු අලලා නිර්මාණය වූවකි. මහළු වෙස් ගත් අණබෙරකරුවෙකු වටා කෝළම සිදුවේ. සමහර පළාත් හී චුක්කිනියා හා ඩුංගුරුවා යන දරු චරිත ද්විත්වයක් සහිතව අණබෙර කෝළම රඟ දැක්වේ.

පොලිස් කෝළම

පහත රට කෝලම් සම්ප්‍රදයෙන්  හමුවන පොලිස්  කෝලම ඉතාමත්  හාස්‍ය රසය උපදවන කෝලම් අංගයකි . පොලිස්  කෝලම  මිට අවුරදු 150කට පමණ පෙර එනම් ඉංග්‍රීසි  ජාතිකයන්   විසින්  අප රට පාලනය කල  යුගයේදී එකතු  වූ  කෝලම් නැටුම්  අංගයකි . යටත් විජිතවාදී යුගයේ අප පාලනය කළ ඉංග්‍රීසි ආණ්ඩුවේ  උසස්‌ සහ පහත් පොලිස් නිලධාරීන් නිර්දය ලෙස  විවේචනයට ලක් කිරිමක් පොලිස්  කෝලමෙන්  සිදුවේ.

හේවා කෝලම

යුද්ධයට ගොස් කැපුම් කෙටුම් වලට ලක්වූ බැව් තුවාල සහිත වෙස් මුහුණු වලින් කියාපායි. සිව් දෙනෙකු මේ කණ්ඩායමට ඇතුලත් වේ.

ජසයා කෝලම

රෙදි පිරිසිදු කරන කුලයක උපන් ජසයා හා ලෙන්චිනා නම් චරිත දෙකක් වටා කෝළම රඟ දැක්වේ.

මහා සම්මත රජ හා බිසව

සිව්හෙළේ පළමු රජු ලෙස හැඳින්වෙන මහාසම්මත මනු රජු ඔහුගේ යටතේ රට ආරක්ෂා කිරීමට සුදුසු ශක්තිමත් හමුදාවක් තැනීය එය රක්ෂස හමුදාව නමින් හදුන්වයි. එය ක්‍රමයෙන් දියුණු වී රක්ෂ ගෝත්‍රය බිහිවිය. මේ අනුව යක්ෂ, අසුර, රක්ෂස, නාග යන සිව්හෙළයේ පළමු රජ මනුවේ.

ගුරුළු රාක්‌ෂ

 ගුරුලා යනු මිථ්‍යා සත්ත්වයෙක් වන අතර ගුරුලා විෂ්ණු දෙවියන්ගේ වාහනය ලෙස ද සලකයි. නාගයින්ගේ දෂ්ඨ කිරීම්වලින් ආරක්ෂා වීමට ගුරුළු රාක්ෂ නර්තනය සිදුකරනු ලබයි.

 මයුර රාක්ෂ

 මොනරෙකුගේ හැඩතල ඇති මෙම වෙස්මුහුණ නිවෙසට සාමය හා සෞභාග්‍ය උදාකර දෙන බව ශ්‍රී ලාංකික මතයයි.

 නාග රාක්ෂ

 ගුරුලු රාක්ෂ හා ප්‍රතිවාදී කෝලම් නැටුමට මෙම වෙස් මුහුණ යොදා ගනියි. නයි පෙන හතකින් මෙම වෙස් මුහුණ සමන්විතය. මෙම වෙස්මුහුණ ලාංකික නිවෙස් වල ඔබ දැකඇතුවාට සැකයක් නැහැ. මෙම වෙස් මුහුණ නිවසේ තබා ගැනීමෙන් සියළු අනතුරු වලින් වැලකී සිටිය හැකි බව විශ්වාසයයි.

 ආඬි කෝළම

 ඉන්දියානු ආඬි ගුරෙක් ලංකාවට ආ පුවතක් ගැන කියවේ. සොකරි නැටීමේදීත් මෙය දැකිය හැකිය.

 ආරච්චි කෝළම

 ජසයා ලෙන්චිනා කෝළමට සම්බන්ධ කොට රඟ දක්වයි.

 ගරා

 ගරා කෝළම, පහතරට නැටුමක් වූ ගරා නැටුමින් ආ එකක් ලෙස සැළකේ. රට යකුම තුල, බාලගිරි දෝෂය සඳහා ගරා නැටුම රඟ දැක්වේ.

 

තොරතුරු විකිපීඩියා අැසුරින්.................


Comments