කලු හමක් ඇති සුදු මිනිසා

 


ජීවිතේ දවසක හැම තැනින්ම ප්‍රතික්‍ෂෙප වුණොත් ඔබට මොනවා හිතෙයි, මැරෙන්න හිතෙයි. එහෙමත් නැත්නම් හැමදේම දාලා කොහාට හරි යන්න හිතෙයි. හැබැයි ඒ අහිමිවීම් ප්‍රතික්‍ෂේප වීම් වැරදි තීරණ මැද්දේ අලු ගසාදාලා නැගිටින්න හිතෙන්නේ එහෙමත් මිනිහෙකුට විතරයි. 

මේ අන්න එහෙම මිනිහෙකුගේ කතාවක්. 

සෙනගාල් ජාතික මව්පියන් යුවළකගේ දරුවෙක් විදියට 1973 අප්‍රේල් මාසේ 16 වෙනිදා ඉපදුනු දුප්පත් කළු ජාතික කොල්ලෙක් දවසක ඇමරිකාවේ පොප් සංගීතය වෙනස් කරයි කියලා කිසිම ඇමරිකානුවෙක් කවදාවත් හිතන්න නැතුව ඇති. වාහන මංකොල්ල කන තාත්තා කෙනෙකුගේ දරුවෙක්ට අනුකම්පා කරන්න තරම් යහපත් මානසික මට්ටමක තියෙන කවුරුත් මේ කොල්ලා ගේ අවට වටපිටාවේ හිටියෙත් නැහැ. හැමෝටම ඕන වුණේ තාත්තාට වුණු දේම පුතාටත් වෙනවා දකින්නයි. අවසානෙදි ඇත්තටම මේ කොල්ලත් කාර් රථ මංකොල්ලකාරයෙක් වුණා. ඉතාම අඩු වයසක දී. 

අවාසනාවට පළමු මංකොල්ලයේ දීම මේ කළු කොල්ලාව පොලීස් අත්අඩංගුවට පත්වෙනවා. ඔබ හිතන්න කල්ලෙක් ඇමරිකන් පොලීසියට අහුවුණාට පස්සේ මොනවා වෙන්න ඇති ද කියලා. හැබැයි ඒ දවස තමයි ඔහුගේ ඉරණම වෙනස් කරන්නේ. හිරගත වෙලා ගෙවුනු මාස ගාණකට පස්සේ ඔහු ආපහු එළියට එන්නේ අලුත්ම මිනිහෙක් විදියට. අතේ සිංදු ලියපු කොළ ගොඩකුත් එක්ක. හිරේට වෙලා හිටපු මාස ගානෙම අහුවෙන හැම කොලේකම ලියපු සිංදු කෑලි ටික පිළිවෙලක් කරගෙන ඔහු සිංදු කියන්න පටන්ගන්නවා. 

ලොව සංගීතඥයෙක් හෝ ගායකයෙක් පිදුම් ලබන  ඉහළම සම්මානය වන ග්‍රැමි සම්මානයට 2004 වසරෙදි නිර්දේශ වන Smack That කියන්නේ ඔහු ලියපු ගීත අතරින් එකක්. හිරේ ඉදලා ලියපු සියලු ගීත අඩංගු Trouble සීඩී තැටියත් ඒ වසරේ ලොව හොඳම සීඩී තැටිය විදියට ග්‍රැමි සම්මානයට නිර්දේශ වෙනවා. 

ඔහු නමින් එකෝන්

දැනට ලෝකයේ බලවත්ම පුද්ගලයන්ගේ ලයිස්තුවේ සිටින එකෝන්ගේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 180 ක්. ලෝකයේ තනි පුද්ගලයෙකුට අයිති විශාලම සුබ සාධන වැඩසටහන වන Akon lightning Africa ඔහුගේ නිර්මාණයක්. අප්‍රිකාවේ සිටින තරුණ ළමයින්ට වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුන් විවිධ වෘත්තීන් කරා යොමු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වනවා. 

එහි එක් පියවරක් ලෙස සුර්ය බලශක්ති වැඩසටහනක් ආරම්භ කරන්නටත් මෙම ව්‍යාපෘතිය පියවර ගත්තා. එහිදි තරුණ තරුණියන්ට සුර්ය බලශක්තිය සම්බන්ධ පුළුල් අධ්‍යාපනයක් ලබාදීමෙන් අනතුරුව අප්‍රිකාවේ රටවල් 14 ක සූර්ය බලශක්ති ව්‍යාපෘති ආරම්භ කිරීමට පියවර ගත්තා. එයින් එක් රටක අවම වශයෙන් පුද්ගලයින් 5000 කට රැකියා උත්පාදනය කිරීම ඔහුගේ අපේක්‍ෂාව වනවා. 

දැනට ලොව ජනප්‍රියම පොප් ගායකයෙක් වන එකෝන් සිය අත්දැකීම් ඇසුරින් ලියන ලද ගීත ගණනාවක් ගායනා කරන බව ප්‍රසිද්ද කරුණක්. can't be, Right now මේ අතරින් වඩාත් ජනප්‍රිය ගීත දෙකක් වනවා. අදටත් ඔහුගේ සෑම ගීතයකටම යූ ටියුබ් නරඹන්නන් ගණන මිලියන නවසියයකට අධිකයි. ඒ වගේම ඒ සෑම ඇමරිකානු ඩොලරයක්ම බැරවෙන්නේ Akon lightning Africa වැඩසටහනට වීමත් විශේෂත්වයක්. 

ඉතින් හමේ පාට ගැන ඉපදුනු තැන ගැන වද වෙලා ජීවිතේ දේවල් අතාරිනවා නම් එකොන් දිහා බලන්න..... ඉරණම වෙනස් කරන්න ඒ කිසිම දෙයක් බලපාන්නේ නැතිබව ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. 





  

Comments