පර්සියාවේ කජාර් කුමරිය - ගල් පැලෙන බොරුවක් නිවැරදි කිරිමයි.

කජාර් එහෙම නැත්නම් තාජ් අල් සුල්තානා කුමරිය ලංකාවේ ප්රසිද්ධ වෙලා තියෙන්නෙ ඇයට පිරිමි 13 දෙනෙක් විවාහ යෝජනා ප්රතික්ශේප වීම නිසා දිවි නහගත්තා කියල. හැමදේම හොයල නොබල ප්‍රසිද්ධ කරන පේජ් කාරයොයි ගෲප් ටිකත් ඕක අරන් උඩ දාල ගැහුවට ඕකෙ කතාව ඇත්තටම වෙනස්.
කජාර් කුමරිය නැත්නම් තාජ් අල් සුල්තානා කුමරිය උපදින්නෙම පර්සියාවේ (ඉරානයේ) පාලක නාසර් අල් දීන් ශා රජතුමාගේ දියණියක් විදිහට 1883. ඒ වගේම අවුරුදු 13 දී කජාර් කුමරිය විවාහ වෙනවා සිය පියා වුන පර්සියාවේ රජතුමාගේ ආරකශක ඇමතිගෙ පුතා සමග. එතකොට පිරිමි 13 කතාව ගෙතුවෙ මොකටද කියන කුතුහලය ඉතුරු කරල ඉතිරි ටික කියන්නම්.
ඒ විවාහයෙන් දරුවො හතර දෙනෙකුගෙ ආදරණීය මව බවට කජාර් කුමරිය පත්වෙනව. කෙසේ නමුත් රාජකිය සම්ප්රදායට අභියෝග කල ප්රථම රාජකීය කුමරිය ලෙස අකැමැත්තෙන් කෙරෙන ලමා විවාහයන් හා කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් ඇය ප්රසිද්ධියේ පෙනී සිටිනව. ශියා මූලධර්මවාදී පර්ශියාවේ රජුගේ දියණිය විදිහට පෙනීසිටීම ඉස්ලාම් ලෝකයේම කාන්තාවන් සම්බන්ධ වැදගත් අර්ථවත් ප්රතිසංස්කරණ වලට බලපානවා.
ඉනුත් ඔබ්බට ගිහින් ඇය ස්වාමියාගෙන් දික්කසාදය ප්‍රථම වරට ලබාගත් රාජකීය කාන්තාව වෙනව. ඒ වගේම හිස ආවරණය කරන හිජාබය (ෆර්දාව) ඉවත් කර බටහිර විලාසිතා අනුගමනය කිරීම සඳහා උසාවියේ නඩු කියල දිනනව.
දික්කසාදයෙන් පසුව ඇය ලේඛිකාවක හා කලා හා චිත්‍ර ශිල්පිනියක ප්‍රසිද්ධ වෙනව. අරාබි ප්‍රංශ භාශා වගේම වයලීන් වාදනයටත් ඇය දක්ශ වෙනව.
ඇයගේ පියා වූ කජාර් ශා 1896 රජතුමා අවාසනාවන්ත ලෙස ඝාතනය වෙනව. ඉන් අනතුරුවත් සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනව හා ප්‍රතිසංස්කරණ වලට සක්‍රියව දායක වෙනව. අවුරුදු 52ක් ඇවෑමෙන් 1936 දී ඇය කළුරිය කරනව.
ඒ වගේම බටහිරට පක්ශ ශා රජ පෙලපත 1978 දී කොමෙයිනිගේ නායකත්වයෙන් වූ විප්ලවයෙන් අවසන් වෙනව.
මම පොඩ්ඩක් කල්පනා කලා ඇයි මේ වගේ මඩක් ඇයට ගහන්න හේතුවෙන්න ඇත්තෙ කියල. එතකොට තමයි මගේ මොලේටත් ආවේ ඉංග්‍රිසියෙන් බ්ලොග් සටහනකින් ඔය වැරදි පුවත සමාජගත කලේ ඉස්ලාම් සංස්කෘතියට අභියෝග කල ඒ කුමරියගේ වීරත්වය හංගලා ඇය වැනි නවීන රැඩිකල් චින්තනයක් නැවත ඉස්ලාම් සමාජයෙන් මතුවීම සදාකාලිකව අතුගාලා දාන්න ඕන නිසා කියලා.
ඔන්න ඒකත් හරි හැබැයි ෆේක් නිවුස් පැතිරෙන වේගෙට ඇත්ත සමාජගත නොවේවී.
පහල තියෙන්නෙත් ඇයගෙ සුන්දර ඡායාරූප අන්තර්ජාලයෙන් අරන් , තමන්ගෙ තාත්ත රජු වුණත් පර්ශියාවේ සුන්දර බවේ සංඛේතය විදිහට ඇයව පත් කරන්න ඇත්තෙ ඇයගෙ සුන්දර බව නිසාම වෙන්නැති.
ඇයගෙ අර පිරිමියෙක් වගේ පොටෝවලට හිනාවුන අයට මර්සි හුදාෆිස්... (දෙවි පිහිටයි)

කසුන් පෙතියාගොඩ

Comments