එදා අපි එතන අද අපි කොතනද

 


මීට අවුරුදු කීපයකට කලින් ඒ කියන්නේ ඒ කියන්නෙ හරියටම 1948 අපි නිදහස ලබා ගත්තා. ඒ වුණත් නිදහස ලැබිලා අවුරුදු කීපයක් යනකල් අපි ජීවත් වුණේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් විදිහටම තමයි. අපි ජනරජයක් බවට පත් වෙන්නේ එක්දහස් නවසිය හැත්තෑ එකේ. ඒ අවුරුද්දෙම සමගි පෙරමුණු ආණ්ඩුව බලයට එනවා. අගමැතිනිය වෙන්නේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය. අපේ අලුත්ම ව්‍යවස්ථාව ඒ කියන්නෙ අපේම ව්‍යවස්ථාව නිර්මාණය වෙන්නේ ඉන් පස්සේ. මේ වන තෙක්ම අපිට තිබුණේ  එක එක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. 

ජනරජයක් උනාට පස්සේ අපිට තිබුන ප්‍රධානම අභියෝගය උනේ අලුතෙන් දියුණු වෙන්න පටන් ගැනීම. එතෙක් යටත්විජිතයක් වෙලා වෙලා හිටපු අපිට අලුතෙන් අපේම කියලා රටක් නිර්මාණය කිරීමේ අභියෝගය තිබුණා. සමගි පෙරමුණු ආණ්ඩුව මෙන්න මේ අභියෝගය භාර ගත්තා. ඒ කාල සීමාවේ තමයි ලංකාවේ පළමුවැනි තරුණ කැරැල්ල ඇති වෙන්නේ. ඒ සියලු කරුණු කාරණා මැද්දේ සිරිමා බණ්ඩාරනායක මැතිනිය තමන්ගෙ ඉලක්කය වෙත යනවා. ඒ තමයි නිදහසින් පසු ස්වයං පෝෂිත රටක් බිහිකිරීම. 

ඇයගේ දේශපාලන භාවිතාව නිසාම ඒ පිළිබඳව පැහැදීමකට පත් වුණු ලෝකයේ අනෙක් රටවල් විශේෂයෙන්ම සමාජ වාදය විශ්වාස කරන රටවල් ඇයට සහාය දෙනවා. මේ කාලෙ ලෝක දේශපාලනය දැඩි අරගල ඇති වෙනවා. සෝවියට් රුසියාව සහ ඇමරිකාව අතර දැඩි බල අරගලයක් ඇතිවෙන්නේ මේ කාලෙදි. ලෝකයේ හැම රටක්ම මේ රටවල් දෙකෙන් එක් පැත්තක් ගන්නවා. ඒ කියන්නේ ලෝකය දෙකට බෙදිලා සමාජවාදයට හා ප්‍රජාතන්ත්‍රවාදයට තමන්ගෙ සහාය පළ කරනවා. කොටසක් ඇමරිකාවට උදව් කරද්දි තවත් කොටසක් රුසියාවට උදව් කරද්දි ලංකාව ඉන්න නොබැඳි පිළිවෙතක. මේ නොබැඳි පිළිවෙත ට ඉන්දිරා ගාන්ධිගේ සහයත් හිමිවෙනවා. සිරිමා මැතිනිය කාන්තාවක් විදිහට ගන්න ශක්තිමත් තීරණයක් තමයි ඒක. 


අපිට අපේම කියලා රටක් නිර්මාණය කිරීම ඇය අතට ගන්නෙ අපේම දේවල් අපේ රටේ නිර්මාණය කරමු කියන සංකල්පය එක්ක. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව, වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව, අත්යන්ත්‍ර රෙදිපිළි නිපදවීම,කන්තලේ උක් කර්මාන්ත ශාලාව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ආයුර්වේද වෛද්‍ය මණ්ඩලය, වී අලෙවි මණ්ඩලය, රාජ්‍ය මිනිරන් සංස්ථාව, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, රාජ්‍ය මැණික් සංස්ථාව, පොල් සංවර්ධන අධිකාරිය, ලංකා සංස්කෘතික මණ්ඩලය, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පුවත්පත් මණ්ඩල පනත, රාජ්‍ය සේවයේ දින පහේ වැඩ සතිය, ලංකා විශ්වවිද්‍යාලය, බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව, පාදුක්ක චන්ද්‍රිකා මධ්‍යස්ථානය, මහවැලි යෝජනා ක්‍රමය ඇරඹීම, කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට පවරා ගැනීම, දේශීය කෘෂි නිෂ්පාදන හා කර්මාන්ත පිහිටුවීම, ඉඩම් පනත යටතේ තමන්ගේ ඉඩම නැති කරනොගෙන ඉඩම් සීමා පැනවීම.

මේ ඇය කළ දේවල් වලින් ටිකක් විතරයි.


හැබැයි අද වෙද්දි මේ කිසිම දෙයක් අපිට නෑ. අපි ආයෙමත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ජාත්‍යන්තරය යටත්විජිතයක් බවට පත්වෙමින් යනවා. අපිට අපේම කියලා අනන්‍යතාවයක් නැතිවෙමින් යනවා. එදා මැතිනිගේ ක්‍රමය අපි දිගටම ක්‍රියාත්මක කළානම් අද ලංකාව කියන්නේ ස්වයංපෝෂිත රටක්. එහෙනම් මේ සියලු ගැටලු වලට කොරෝනා නිසා ඇතිවෙලා තියෙන ආර්ථික ගැටලු වලට පවා අපිට ශක්තිමත්ව මුහුණ දෙන්න තිබුණා. 

Comments