අංක 4000 රිවර්සයිඩ් ඩ්‍රයිව් බර්බෑන්ක් CA ලිපිනයට ගිහිල්ලා එමුද?
එක වතාවක් හරි ඇමරිකාවට යන්න පුළුවන් වුණොත් අමතක නොකර හොලිවුඩයට යන්න. මතක ඇතිව මේ ලිපිනයටත් ගිහින් එන්න. ඔබ දන්න හඳුනන ජනප්‍රිය චරිත බොහෝමයක් මේ ලිපිනයේ ඉන්නවා. ඔවුන් ඔබව හඳුනගන්න බොහොම කැමති වෙයි.
සිල්වෙස්ටර් ඇන්ඩ් ට්විටි, ලූනර් ටියුන්, ටිං ටිං වගේ කාර්ටූන් බලලා තියෙන හැරි පෝටර්, චාර්ලි චැප්ලින්, ස්කුබි ඩු රසවිදපු 90 දශකයේ ඉපදුනු පරම්පරාව හොඳින් දන්න WB ලා එහෙමත් නැත්නම් Warner Bros ලා ගැනයි අද මම කියන්න යන්නේ. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ රටවල ඉතාමත් ජනප්‍රිය කාර්ටුන් චරිත බොහොමයක අයිතිකරුවන් වෙන්නේ ඔවුන්. ඒ විතරක් නෙවෙයි විවිධ ශානරයන්ට අයිති චිත්‍රපට ගණනාවක් ලෝකයට දායාද කළ ඔවුන් මේ ක්ෂෙත්රයට පය තියන්නේ දශක ගණනාවකට කලින් වීමත් සුවිශේෂි කාරණයක් වනවා.
වර්නර් බ්‍රදර්ස් ආරම්භ වීම
කැලිෆෝර්නියාවේ බර්බෑන්ක් වල 1923 ජූලි මාසයේ ආරම්භ වුණු මේ සමාගම එකම පවුලේ සහෝදරයන් හතරදෙනෙකුට අයත් වනවා. ඔවුන් ජැක් එල් වර්නර්, හෙන්රි වර්නර්, ඇල්බර්ට් වර්නර් සහ සෑම් වර්නර්. ඔවුන් මුලින්ම කලේ ඇනිමේශන් චිත්‍රපට හෙවත් චලන රූප එහෙමත් නැත්නම් දන්න විදියට කියනවා නම් කාර්ටුන් චිත්‍රපට නිර්මාණයයි. මේ වෙද්දි ඇමරිකාවේ චිත්‍රපට කර්මාන්තයට පිවිසි ඔවුන් මාලා නාටක හා වීඩියෝ ගෙම් සඳහා ද නවතම පියවරක් තබා තිබෙනවා. එසේම ඔවුන් බිග් ෆයිව් හෙවත් මෝෂන් පික්චර් ඇසෝෂියේෂන් හී සාමාජිකයින් ද වනවා. එසේම ඔවුන් සතුව විවිධ නම් වලින් තවත් සමාගම් ගණනාවක් ඇති අතර එම සමාගම් සියල්ල ද චිත්‍රපට නිෂ්පාදනයට සම්බන්ධ වී සිටීම විශේෂත්වයක්.
වර්නර් පවුලේ ඉතිහාස කතාව
වර්ෂ 1889 ඔක්තෝබර් මාසයේ පෝලන්ත ජාතික සැමුවෙල් වොන්සල් නම් පුද්ගලයෙක් සිය බිරිඳ සමග ඇමරිකාවට සංක්‍රමණය වනවා. ඔහු පදිංචි වන්නේ මේරි ලෑන්ඩ් හි බැල්ටි මෝර් ප්‍රදේශයේ යි. එකල ඇමරිකාවට සංක්‍රමණය වුණු බොහෝ දෙනා පදිංචි වූයේ මෙම ප්‍රදේශයේ යි. පසුව ඔහු සිය නාමය වෙනස් කරගත් අතර ඒ අනුව ඔහු සැමුවෙල් වර්නර් බවට පත්වනවා. ඔහුගේ පුතුන් හතරදෙනා වන හෙන්රි, ජැක්, ඇල්බර්ට් සහ සෑම් වර්නර් බවට පත්වන්නේ ඒ අනුවයි.
මෙයින් වැඩිමහල් සහෝදරයන් තුන්දෙනා පළමුව චිත්‍රපට ක්ෂෙත්රයට අවතීර්ණ වුණු අතර මුල් කාලයේ ප්‍රොජෙක්ටරයක් භාවිතයෙන් විවිධ චිත්‍රපට පෙන්වීමට ඔවුන් කටයුතු කළා. එයින් පසු සෑම් සහ ඇල්බර්ට් යන සහෝදරයින් දෙදෙනා ඇමරිකානු ඩොලර් 150 ක මුදලකට ලයිෆ් ඔෆ් ඇන් ඇමරිකන් ෆයර් මෑන් සහ ද ග්‍රේට් ටේ්රන් රොබරි යන චිත්‍රපට දෙකම නිෂ්පාදනය කිරීමට සමත් වුණා. ඔවුන් සිය පළමු ව්‍යාපාරය පෙන්සිල්වේනියාවේ නිව් කාසල් හීදී ආරම්භ කළ අතර එම ගොඩනැගිල්ල ගරා වැටුණු අබලන් එකක් වු බව ද සඳහන් වනවා. පසු කාලයේ ඔවුන් සිය ව්‍යාපාරය ස්ථීර ස්ථානයකට ගෙන ගිය පසුත් ගොඩනැගිල්ලේ අයිතිකරුවන් තවමත් මෙම ගොඩනැගිල්ල මතක සටහනක් සේ නඩත්තු කර පවත්වාගෙන යනවා.
හඩ සහිත චිත්‍රපට කලාව
පළමු හඩ චිත්‍රපටය නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වන්නේ ද වර්නර් බ්‍රදර් සමාගමටයි. ඒ 1935 වසරේ වන අතර ඒ සඳහා සහය පළ කල ශබ්ධාගාරය වන්නේ වෙස්ට්‍රන් ඉලෙක්ටි්රක් සමාගමයි. පසුබිම් සංගීතය ද සහිතව චිත්‍රපට නිෂ්පාදනය ඉන් අනතුරුව සිදුවුණු අතර නිව්යෝර්ක් හී දී වර්නර් තියටර් ආයතනය නිර්මාණය වන්නේ එහි දිගුවක් ලෙසයි.
පසු කාලයේ දී මෙම සමාගම දැඩි මූල්‍ය අර්බුධයකට මුහුණ දුන් අතර මුදල් සොයා ගැනීමේ අරමුණින් ඒ. එල් ජොන්සන් ගේ ද ජෑස් සින්ගර් චිත්‍රපටය නිෂ්පාදනය සූදානම් කළා. හඩ සහිත දෙබස් අඩංගු කළ මෙම චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා සූදානම් කළ අවස්ථාවට පෙර දින රාත්‍රියේ ජැක් වර්නර් මිය ගියා. පසුදින මංගල දර්ශනයට පැමිණියේ ඉතිරි සහෝදරයන් තුන්දෙනා පමණයි. අවසානයේ ද ජෑස් සින්ගර් අතිශය ජනප්‍රියත්වයට පත්වුණු අතර එයින් සමාගම නැවත මුල්‍යමය වශයෙන් ශක්තිමත් වුණු බව ද සඳහන් වනවා.
මේ වන විට ඉතාම සාර්ථක ව්‍යාපාරයක් වශයෙන් නම් දරා සිටින වර්නර් බ්‍රදර් නිෂ්පාදන ආයතනය චිත්‍රපට ගණනාවක් හා ළමා කාර්ටුන් ගණනාවකට සිය දායකත්වය ලබාදී තිබෙනවා. පසුගිය 2020 වසරේ දී ඔවුන් නිෂ්පාදනය කළ චිත්‍රපට ගණන 10 ක්.
මුලින් කිව්වා වගේ ජීවිතයේ එක වතාවක් හරි හොලිවුඩයට යන්න පුළුවන් වුණොත් වර්නර් බ්‍රදර් සමාගම නරඹන්න යන්නත් අමතක කරන්න එපා. ඔවුන් වසර ගණනක ඉතිහාසය බොහොම ආදරයෙන් ඔබ සමග බෙදාගන්නවා. ඒ විතරක් නෙවෙයි මෙහි වර්ථමාන විධායක අධ්යක්ෂවරි ලෙස කටයුතු කරන ඈන් සරනොෆ් එක්ක කතා කරන්නත් ඔබට පුළුවන්. ඇය ඇමරිකාවේ මෙවන් සමාගමක විධායක අධ්යක්ෂවරියක් බවට පත්වුණු ප්‍රථම කාන්තාව ද වනවා. ඒ නිසා ඇයගෙන් අහලා දැනගන්න ඔබට හුඟක් දේවල් තියේවි.
Comments
Post a Comment