දෙවනි ලෝක යුද්ධයේ අදුරුම දින දහය

දෙවන ලෝක යුද්ධය පිළිබදව ඔබ දැනටමත් බොහෝ තොරතුරු දැනගෙන අවසානයි. මේ ගැන ලියවුණු පොත් පත්, ලිපි, නවකතා, චිත්‍රපට, කෙටි චිත්‍රපට, වාර්තා වැඩසටහන් වගේම තොරතුරු ලබාගත හැකි තවත් මූලාශ්‍ර උවමනා තරම් සොයාගන්න පුලුවන්. ඉතින් අද මේ කියන්න යන්නේ එවැනි මූලාශ්‍ර මගින් සොයාගත් තොරතුරු කිහිපයක්. යුධ ඉතිහාසය හා මානව ඉතිහාසයේ සිදු වූ සිදුවීම් පිළිබදව උනන්දුවක් දක්වන ඔබට මේ තොරතුරු ප්‍රයෝජනවත් වෙයි.

වර්ෂ 1939 සැප්තැම්බර් මාසයේ පළමුවැනිදා ආරම්භ වුණු දෙවන ලෝක යුද්ධය, 1945 වසරේ සැප්තැම්බර් දෙවනිදා දක්වා පුරා වසර හයක් ඇදී ගිය බව ඔබ දන්නවා. නමුත් දෙවනී ලෝක යුද්ධයේ අමිහිරි සිදුවීම් පිළිබදව කතා කරන විට ඒ ඒ වසරවල සුවිශේෂී ප්‍රහාර මාලාවන් සිදුව තිබෙන බව හදුනාගන්න පුලුවන්. ඒ වගේම 1939 ට පෙර සිටම දෙවනි ලෝක යුද්ධයට සම්බන්ධ රටවල් ඒ සදහා පිඹුරුපත් සැකසු ආකාරයත් මෙයින් අවබෝධ කරගත හැකියි. මහාචාර්ය  ජෙරමි බ්ලැක් ට අනුව දෙවන ලෝක යුද්ධයේ ප්‍රධාන සිදුවීම් වලට අදාල දින වකවානු මේ විදියට වර්ග කරන්න හැකියාව තිබෙනවා.

01. 1937 ජූලී 07 - මාර්කෝ පෝලෝ ප්‍රහාරය

දෙවන ලෝක යුද්ධය ආරම්භ වෙන්නේ 1939  වුණත් ඒ හා සම්බන්ධ පළමු ප්‍රහාරය සිදුවෙන්නෙ 1937 දී. එය සුප්‍රකට මාර්කෝ පෝලෝ ප්‍රහාරය කියලත් හදුන්වනවා. ජපානය විසින් මේ වසරේ ජූලී 7 සහ 8 දින දෙකෙහි චීනයේ මාර්කෝ පෝලෝ පාලම කිට්ටුවට පැමිණ තිබුණා. යුදමය කාරණාවලට වඩා "ජාතිකත්වය" යන්න ඉස්මතු කරගෙන තිබුණු නිසාම දෙරට අතර ජාතිය හා අධිරාජ්‍යවාදය පිළිබදව ඝට්ටනයක් පැවතුනා. මාර්කෝ පෝලෝ පාලම අසල සටනට මූලික වූයෙත් මෙයයි. එයින් සෙබලුන් හතර දෙනෙකු මියගිය අතර දේපල හානි රැසක් සිදුවුණා.

02. 1940 මැයි 10 - බෙල්ජියම් නෙදර්ලන්ත ආක්‍රමණය.

1939 - 1940 කාලවකවානුවේ අධික සීතල දේශගුණයක ජර්මනිය බෙල්ජියමට හා නෙදර්ලන්තයට ප්‍රහාර මාලාවක් දියත් කලා. මේ වෙද්දි ජර්මනියේ ප්‍රධාන අරමුණ වූයේ සම්පූර්ණ  යුරෝපයම සිය අණසකට යටත් කරගැනීමයි. නමුත් මිත්‍ර පාර්ශවයේ රටවල් වූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය මේ පිළිබදව කලකිරීමෙන් පසුවුණා. එයට හේතුව වුණේ ජර්මනියේ තේරුමක් නැති ආක්‍රමණ නිසා නිරපරාදේ හමුද නිලධාරින් මරණයට පත්වීමයි.

03. 1940 අගෝස්තු 12 - බ්‍රිතාන්‍ය සටනට පිවිසීම

ජර්මන් එයාර් බස් කිහිපයක් සිය මව් රට ආක්‍රමණයට පැමිණෙන බව සැලවීමත් සමග බ්‍රිතානය RAF (Royal Air Force) හෙවත් රාජකීය ගුවන් හමුදාව ඒ සදහා සූදානම් වුණා. මෙම ප්‍රහාරය පෙර දැනුම් දීමක් මගින් සිදුකල පලමු ගුවන් ප්‍රහාරය ලෙස ඉතිහාස ගත වෙනවා.  The Luftwaff හෙවත් ජර්මානු ගුවන් හමුදාවේ මූලික අරමුණ වූයේ බ්‍රිතානය සිවිල් වැසියන් ඉලක්ක කර ගුවනින් බෝම්බ හෙලීමයි.

04. 1941 ජූනි 22 - බාර්බරෝසා මෙහෙයුම

මේ වනවිට හිට්ලර් ප්‍රමුඛ ඔහුගේ නාසී හමුදාව සිය සාර්ථකත්වය පිළිබදව උවමනාවටත් වඩා උද්දාමයට පත්ව සිටියා. මේ නිසාම ලගින් ලග රටවල් කිහිපයක් ආක්‍රමණය කිරීමට ඔවුන්ට තිබුණේ දැඩි උනන්දුවක්. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් බාර්බරෝසා ආක්‍රමණය සදහා සූදානම් වුණා. සේනාංක 151ක්, සහයට පැමිණි පින්ලන්ත හමුදා බලඇණි 14ක්, රුමේනියානු බලඇණි 13ක්, මිලියන 3.6 ක හමුදාවක්, යුධ ටැංකි 3350ක් හා ගුවන් යානා 1950ක් සමග ඔවුන් බාබරෝසා වෙත පැමිණියා.

05. 1941 දෙසැම්බර් 07 - පර්ල් වරායට එල්ල කල ප්‍රහාරය.

ජපානය විසින් ඇමරිකාව වෙත සිදුකල පළමු ප්‍රහාරය වන්නේ මෙයයි. ඇමරිකාවේ සුවිශේෂීම නාවික කේන්ද්‍රස්ථානයක් වූ පර්ල් වරායට එල්ල කල ප්‍රහාරය ඇමරිකාවට දරාගත නොහැකි මට්ටමේ ආක්‍රමණයක් වුණා. ඒ වගේම එය කිසිසේත්ම බලාපොරොත්තු නොවුනු ප්‍රහාරයක් මෙන්ම එය ඇමරිකානු යුධ ශක්තිය හෑල්ලුවට ලක්කිරීමක්ද වුණා. මෙම ප්‍රහාරයෙන් ඇමරිකාවේ වටිනා නාවුක යාත්‍රා රැසක්ද විනාශ වුණා.

06. 1942 ජුනී 02 - ඇමරිකාවේ ජපාන ප්‍රහාරය

තමන්ට එල්ල කල ප්‍රහාරයට පිළිතුරක් ලෙස එයින් හරියටම මාස හයකට පසුව ඇමරිකාව සිය පළමු ගුවන් ප්‍රහාරය එල්ල කලා. ඔබ Midway චිත්‍රපටය නරඹලා තිබෙනවා නම් මේ ගුවන් ප්‍රහාර මාලාව පිළිබද සිදුවීම ඔබට නරඹන්න පුලුවන්. ප්‍රහාරයෙන් ජපාන යුධ නෞකාවක් වුණු මිකුමා නෞකාව සම්පූර්ණයෙන්ම විනාශ වුණා.


07. 1943 ජූලී 05 - 

 සීත සමයේ සෝවියට දේශයට පහර දීමට තීරණය කල ජර්මනිය ඒ සදහා අවශය සියලුම යුධ කටයුතු සම්පාදනය කලා. මේ වනවිට සියලුම යුද ආක්‍රමණවලින් ජයගෙන තිබුණු නිසා ජර්මනියට තමන් පිළිබදව තිබුනේ අහේතුක උද්දාමයක්. නමුත් ඔවුන්ගේ මෙම ආක්‍රමණය සාර්ථක වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මෙයින් ඔවුන්ට සෑහෙන යුධ සෙබලුන් ප්‍රමාණයක් අහිමි වුණා.

08. 1944 ජූනී 06 - D Day

සුප්‍රකට D Day ලෙස හදුන්වන දිනය යෙදෙන්නේ මෙදිනටයි. එය ජර්මනිය විසින් ප්‍රංශයේ නෝර්මැන්ඩ් ප්‍රදේශය ආක්‍රණය කිරීම ලෙසත් හදුන්වන්න පුලුවන්. බ්‍රිතාන්‍යයට සමීප නිසාත් යුරෝපයේ අනෙක් කෙලවරට යාමට හැකිවීමත් නිසා ජර්මනියට මෙම ආක්‍රමණය ඉතාම වැදගත් වුණා.

09. 1944 ඔක්තෝබර් 23  26 - පිලිපීන ප්‍රහාරය

ඇමරිකාවට නැවත ජපානය ඇතුලු පෙරදිග රටවල් ආක්‍රමණය කිරීමට අවශ්‍ය වුණු අතර එහි පලමු පියවර වුණේ පිලිපීන ආක්‍රමණයයි. පිලිපීනය යටත් කරගැනීම මගින් ජපානයට ප්‍රහාර එල්ල කිරීම ඔවුන්ගේ අරමුණ වුණා.

10. 1945 අගෝස්තු 09 - නාගසාකි ප්‍රහාරය

ලොව පළමු න්‍යශ්ටික ප්‍රහාරය වන්නේ මෙයයි. එසේම එය මානව ඉතිහාසයේ කලු පැල්ලමක් ඉතිරි කල කෲරතර හා අමානුශීයම ප්‍රහාරයද වනවා.





Comments