නාට්‍ය කලාව පිළිබඳව ඉගෙන ගන්නා ඕනෑම කෙනෙකුගේ අධ්‍යනයට බඳුන් වන නාට්‍ය වර්ගයක් ලෙස කබුකි නාට්‍ය හඳුන්වා දෙන්න පුළුවන්. සුන්දර ජපානයේ උපන් කබුකි නාට්‍ය සම්පූර්ණයෙන්ම ජපානයේ අනන්‍යතාවය නිරූපනය කරන්නකි. වසර 2600 ක කාලයක් තිස්සේ නාට්‍ය කලාව සම්බන්ධයෙන් තමාටම ආවේණික වු සංස්කෘතියක් ගොඩනගා ගැනීමට සමත් වුණු ජපනුන් සිය නාට්‍ය ලෝකය වෙත ගෙනයන්නට සමත් විය. එය අදටත් අභාවයට නොයන ජීවමාන කලාවකි.
කබුකි නාට්‍ය කලාව 13 වන ශතවර්ෂයේ පමණ ආරම්භ වු බව සැලකේ. එය සාමාන්‍ය ජනතාව විසින් නිර්මාණය කරන ලද නාට්‍ය සම්ප්‍රධායක් බවට අදහස් පළ වී තිබේ. නමුත් එවක සිටි එදෝ නම් හමුදා පාලකයාගේ කුරිරුකම් හේතුවෙන් මෙම නාට්‍ය කලාව යම්තාක් දුරට පසුබැසීමකට ද ලක්වී තිබේ. කෙසේ නමුත් අභාවයට ලක් නොවෙමින් වසර 400 ක කාලයක් පුරා සිය නාට්‍ය සම්ප්‍රාධාය පවත්වාගෙන ඒමට තරම් ඔවුන් භාග්‍යවන්ත වී ඇත.
කබුකි නාට්‍යයේ විශේෂතා
මෙහි ලාලිත්‍යමය කතා විලාසය, සිත් ඇදගන්නා සුළු ඇඳුම් ආයිත්තම් සහ රූපලාවන්‍ය උපක්‍රම නිසාම මෙම නාට්‍ය ප්‍රේක්‍ෂක සිත් ඇඳගැනීමට සමත්වී තිබේ. එහි ඇති කාර්මික ක්‍රම උපායන් ද වඩාත් සාර්ථක ලෙස අවසානය දක්වා ප්‍රේක්‍ෂකයා රදවා තබාගනියි. ලංකාවේ මුල් කාලීන නාට්‍ය හා නාඩගම් මෙන් මෙහි ද කාන්තා චරිත රඟ දක්වන්නේ පිරිමි පාර්ශවයයි. මුල් නාට්‍යවල කාන්තාවන් රංගනයෙන් දායක වී තිබුණත් පසුකාලීනව කාන්තාවන්ට එහි රංගනයේ යෙදීම තහනම් වී තිබේ.
ගායනය හා නර්ථනය යන අර්ථය ගෙන එන “කබුසු” යන වහර පසු කාලීනව ජනවහරෙන් කබුකි බවට පත්ව ඇති බව ඉතිහාසගත තොරතුරු පෙන්වා දෙයි. මෙම නාට්‍යය කොටස් පහකින් යුක්තව රඟ දැක්වේ. ඒ අනුව පළමු කොටසේ දී ඉතා මන්දගාමී ආරම්භයක් පෙන්වන අතර මැද කොටස් තුනේ දී නාට්‍යයේ විවිධ සිදුවීම්, කතා පුවත, සිදුවීම්, භයානක අවස්ථා, ආදිය පෙන්වයි. නමුත් අවසානය සනිටුහන් වන්නේ ප්‍රේක්‍ෂකයා වඩාත් තෘප්තිමත්වන ආකාරයෙනි. සමහර කබුකි නාට්‍ය සංවේගදායි කතා පුවත් මවන අතර සමහර කබුකි නාට්‍ය වඩාත් විනෝදකාමී ඒවා වේ. බොහෝ විට මෙම නාට්‍ය හයිකු කවි හෝ මෙම නාට්‍ය සඳහාම ලියවී ඇති පුරාවෘත්ත වලින් නිර්මාණය කර ඇත.
රංග පසුතලය
මෙහි පසුතලය වේදිකාව, රූකඩ, රංග භාණ්ඩ යනාදියට වඩා අවධානය යොමු කරන්නේ රංගන ශිල්පියාගේ හැකියාව කෙරෙහිය. විවිධ ප්‍රදේශයන් හි විවිධ ලක්‍ෂණ හා සම්ප්‍රධායන්වල ආභාෂය කබුකි නාට්‍ය කෙරෙහි බලපා ඇති නිසා ප්‍රදේශයෙන් ප්‍රදේශයට නාට්‍යවල වෙනස්කම් දකින්නට ලැබේ. ඒවා මූලික වශයෙන් දකින්නට ලැබෙන්නේ අංග රචනය, වස්ත්‍රාභරණ, වේදිකා උපක්‍රම සහ රංග වින්‍යාසය වැනි සාධකවලයි.
වේදිකාව
මුල් කාලයේ නම් විවිධ ස්ථානවල, තෘණ භූමි ආශ්‍රිතව රඟ දක්වා තිබුණත් පසුකාලීනව වේදිකා මතද රඟ දක්වා තිබේ. එයින් පසු වෙනම රංග ශාලා මේ සඳහාම නිර්මාණය විය. සම්පූර්ණ වේදිකාව ලීයෙන් නිමවා කළු තීන්ත මඟින් වර්ණ ගන්වයි. වාද්‍ය මණ්ඩපය, සංගීතඥයින් හා ශබ්ධ පරිපාලකයන් රැදී සිටින්නේ මෙම ස්ථානයේ යි. වේදිකාව කවාකාර වන අතර එක් කොටසක් රඟ දක්වා අවසානවන විට මීලඟ කොටස සඳහා අනෙක් පස කරකවා ගත හැකිය. එවිට එම කොටස රඟ දක්වන නළු නිළියන් සූදානමින් සිටිය යුතුය. මේ ක්‍රමය නම්කි ෂෝශෝ ගේ සොයාගැනීමකි. කබුකි නාට්‍යවල තිර භාවිතයේ ද විශේෂතා පවතියි. දම්, කොළ හා කළු තීරුවලින් සමන්විතය. එය පුළුල් හා සම්ප්‍රධායික හැඩයන්ගෙන් යුක්ත වෙයි.
වෙස් ගැන්වීම
වෙස් ගැන්වීම සඳහා රතු වර්ණ භාවිත කරයි නම් ඒ නපුරු චරිත සඳහාය. සුදු පැහැ මුහුණක් ඇත්නම් ඔහු රඟ දක්වන්නේ කඩවසම් තරුණයාගේ චරිතයයි. කාන්තා චරිත රඟ දක්වන විට ඇස් බැම පින්තාරු කිරීම සුවිශේෂි ලක්‍ෂණයකි. විවාහ කාන්තා චරිත රගපාන නළුවන්ට ඇස් බැමි නොතබා රාගාධික ස්වරූපයක් මතු කර තිබේ. ඇඳුම් පැළදුම් සඳහා භාවිත කරන වර්ණ අතිශය සුන්දරය. ආකර්ශනීය ය. ඇඳුම් පැළදුම්වල වර්ණ තෝරාගෙන ඇත්තේ ප්‍රේක්‍ෂකාගාරයට හොඳින් පෙනෙන පරිදිය. දිළිදු චරිත සඳහා අණ්ඩ දැමු ඇඳුම් භාවිත කරයි.
නළු නිළි කැල
මෙහිදි තමන් රගපාන චරිතය වයස, සමාජ පන්තිය, ස්වරූපය, පෞර්ශත්වය මත වර්ගීකරණය කර තිබෙන බව පෙනේ. එහි දි වඩාත් විශේෂයෙන් වර්ගීකරණයට ලක්වන්නේ මහළු කාන්තාව, මැදිවියේ කාන්තාව හා තරුණ කාන්තාවයි. නළුවා ධාර්මිශ්ඨ වීරයා, දුෂ්ඨ අමාත්‍යවරයා සහ කඩවසම් පෙම්වතා යන චරිත රඟපායි. ඒ අනුව කබුකි යනු නළුවා කේන්ද්‍ර කරගත් නාට්‍ය සම්ප්‍රධායකි.
සංගීතය
ලී පතුරු ඝට්ටනයේ හඬ ඇතුළත් කරගැනීම විශේෂ ලක්‍ෂණයකි. සංගීතයෙන් කරන්නේ රංගනය තරවදුරටත් උත්කර්ශවත් කිරීමයි. අද වන විට එය තාක්‍ෂණික වශයෙන් ඉදිරියට ගොස් තිබෙන බවක් ද දකින්නට ලැබෙන්නේ සංගීතයේ නවමු සොයා ගැනීම් කබුකි නාට්‍යයට එක්වී තිබෙන නිසාය.
තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි
(මන්ත්‍රණ වෙනුවෙන් ඉසුරි අංජනා සෙනරත් ලියු ලිපියෙන් ලබාගත් තොරතුරු ද ඇතුළත් කර තිබේ. https://www.manthrana.com/2021/08/21/kabuki/)
Comments
Post a Comment